Ads 468x60px

.

දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්තගේ වැඩ මෙහෙමයි

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කටයුතු අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජීව හිස්සැල්ල බෞද්ධාගමිකයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ දළදා මාලිගාවේ ශ‍්‍රී නාමය කෙලෙසමින් කෙලින පිස්සු විකාර පිළිබදව  වාර්තා වේ.


සුප‍්‍රකට ජනමාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාල විසින් සිය ගම්පියස වූ අනුරාධපුරයේ නොච්චියාගම අතිදුෂ්කර ප‍්‍රදේශයක සිට කොළඹට කැටිව ආ මෙම ක‍්‍රිෂාන්ත හිස්සැල්ල අද මුලඅමතකව හැසිරෙන්නේ ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධූරය තම පරම්පරාවෙන් ලද පරවේනිගත රාජකාරියක් ලෙස සිතාය.

‘දුකා’ මගින් ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර හඳුනාගන්නා හිස්සැල්ල, අද දියවඩන නිළමෙවරයා සතු ඉදිකිරීම් සමාගමේ ප‍්‍රධාන හවුල්කරුවාය. තම ගමේ මිතුරෙකුගෙන් ණයට රබර් සෙරප්පු යුවලක් ඉල්ලාගෙන පයලා කොළඹ පැමිනි ක‍්‍රිෂාන්ත හිස්සැල්ල අද ‘සැර අයිඩියා’ දැන්වීම් ප‍්‍රචාරක ආයතනයේ හිමිකරුවාය.

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ සියලූම ප‍්‍රචාරක කටයුතු සහ මුද්‍රණ කටයුතු සිදුකරන්නේ ඔහුට අයත් මෙම දැන්වීම් ප‍්‍රචාරක ආයතනය හරහාය. ඒ සඳහා ඔහුට දියවඩන නිළමේ දෑල බණ්ඩාරගේ පූර්ණ අනුග‍්‍රහය හිමිවන අතර ලැබෙන ලාභය දෙදෙනා අතර සමසේ බෙදී යයි.

ලංකා බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෑම් සමරසිංහ ලවා ක‍්‍රිෂාන්ත හිස්සැල්ල තම ව්‍යාපාරික කටයුතු සඳහා ණය පහසුකම් සහ අයිරා පහසුකම් ලබාගෙන ඇති අතර එම ණය මුදල් මේවන විට ගෙවීම පැහැරහැර ඇත්තේ සෑම් සමරසිංහ දැන් විශ‍්‍රාම ගොස් ඇති බැවිනි.

2009 වසරේ සිට මේ දක්වා බෞද්ධ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ විගණන වාර්තා එසේ ඉදිරිපත් නොකිරීමට මූලික හේතුව වී ඇත්තේ දියවඩන නිළමේවරයා සහ මාධ්‍ය අධ්‍යක්‍ෂකවරයා දළදාමැදුරේ ආදායම් ඔවුන් දෙදෙනාගේ විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කොට ඇති බැවිනි. මෙසේ ආයෝජනය කොට ඇති මුදල රුපියල් මිලියන 500 කට ආසන්න යැයි වාර්තා වේ.

බේබද්දෙකු සහ ප‍්‍රසිද්ධ සල්ලාලයෙකුවන දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂකවරයා පසුගියදා කරටිය කැඩෙන්නට මත්පැන් බී ඔහුගේ මෝටර් රථය පදවමින් සිටියදී පොලීසිය විසින් නවත්වා තිබේ. ඔහුව නැවැත්වූ පොලිස් නිලධාරීන් ‘‘මහත්තයා බීලා නේදැයි ? ඇසූ විට ඔහු පවසා ඇත්තේ තමන් දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක බවයි. ‘‘හරිම අපූරුයි’’ කියා ඔහුව බිමට බස්සවා ඇති පොලිස් නිලධාරීන් හට විනාඩි ගණනක් තුලදී මහනුවර ප‍්‍රදේශයේ ඉහළ පොලිස් ලොක්කෙකුගෙන් ඔහුව වහා මුදාහරින ලෙස විධානයක් ලැබී තිබේ.

දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂකතුමාට දළදා හාමුදුරුවන්ගේම සරණයි කියමින් පොලිස් නිලධාරීන් ඔහුව මුදාහැර තිබේ.

 
Related Posts with Thumbnails