Ads 468x60px

.

ප්‍රංශ ධජය තාමත් Facebook Profile Picture එකෙන් ඉවත් කරගන්න බැරි උනාද?


පැරිස් නුවර ත්‍රස්තථවාදී ප්‍රහාරයෙන් පසුව Facebook විසින් ප්‍රංශය වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා Facebook tool එකක් හඳුන්වා දුන්නා. ඒ පිලිබඳව නොයෙක් දෙනාගේ අදහස් කෙසේ පැවතියත් මෙම tool එක භාවිතා කරපු ගොඩක් පිරිසක් සිටියා. 

මෙහිදී සිදු වූයේ ප්‍රංශ කොඩියේ සේයාවක් තමන්ගේ profile picture එක මත දර්ශනය වීමයි.නමුත් ප්‍රශ්නය වූයේ බොහෝ users ලාට නැවත
තම පෙර තිබූ profile picture එක බවට හරවා ගැනීමට නොහැකි වීමයි.


Profile picture එක customize කරන අවස්ථාවේදී අදාල වෙනස් කිරීමට අදාලව යම් තෝරාගැනීම් කිහිපයක් සිදු කිරීමට Facebook විසින් ඉඩ සලසා දී තිබුණි. එනම් වෙනස් කිරීම සිදු කරනුයේ දිනයකටද, මාසයකටද හෝ ඉදිරි කාලයටමද යන්නයි. 

කෙසේ නමුත් දීර්ඝ කාලයක් සඳහා වෙනස් කිරීම සිදුකල පිරිසට සහ සමහරක් කෙටිකාලීනව වෙනස් කල පිරිසට (automatic filter එක නිසිආකාරව ක්‍රියාත්මක නොවීම) නැවත වෙනස් කිරීම නිසිආකාරව සිදුවීම හෝ සිදු කරගැනීමට නොහැකි වී තිබෙනවා. 

මේ සදහා කල හැකි අනෙක් එකම ක්රමය වන්නේ සරලව තමන්ගේ පෙර profile picture එකම නැවත overlay කරගැනීමයි. 

Update Profile Picture යෙදුම මගින් පෙර picture එකම තේරීමෙන් මෙය සිදුකරගත හැකියි. මෙමගින් නැවතත් ප්‍රංශ කොඩිය මුහු වීමකින් තොරව පෙර වූ profile picture එකම සලසා ගැනීමට හැකියාව ලැබේ.

මේ වගේ විවිධ overlayers ඔබේ Profile Picture එකට නොමිලේම දා ගන්න මේ link එකට යන්න.

 
Related Posts with Thumbnails