Ads 468x60px

.

මීගමුව ධීවරයෝ ප්‍රධාන පාරවල් සියල්ල වසති

තෙල් මිළ ඉහල දැමිම ගැන විරෝධය පළ කරන මීගමුවේ ධීවරයෝ කිසිවෙක් අද දිනයේ රැකියාවට ගොස් තිබුනේ නැත. මේ නිසාම මීගමුවේ ප්‍රධාන ලේල්ලම් සියල්ල වසා තිබුණි.
අනතුරුව ධිවර ප්‍ර දේශ හරහා දිවෙන සියළු පාරවල් කොට දමා වසා දමා තිබුණ අතර සංචාරක හෝටල් පිහිටා තිබෙන 904 පෝරුතොට මාර්ගයද මෙලෙස වසා දැමුණි.


හලාවත කොළඹ මහා මාර්ගය වසා දැමුනේ උදේ 10 ට පමණය.පෙරියමුල්ල දුම්රිය කපොල්ල අසල සියළු පාරවල් ටයර් දමා පුලුස්සා හලාවත දෙස සිට පැමිණි කන්ටේනරයක් බලෙන් පාර හරහා දමා පාර වසා දැමුණි.

දැනට සුළු මොහොතකට පෙර පෙරියමුල්ල මංසන්ධියට පැමිණි නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා ජනතාව අමතා පවසා තිබුනේ සවස 2 පමණ වන විට ධීවරයන්ගේ ඉල්ලිමට සහනයක් ලබා දෙන බවය.

 




ධීවරයන් පිරිසක් උද්ඝෝෂණයක - කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවේ.

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් සහ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස බල කරමින් ප‍්‍රදේශ රැසක ධීවරයන් අද (13) උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත විය. හලාවත ධීවරයන් පිරිසක් විසින් සිදුකල උද්ඝෝෂණය විරෝධතාවය හේතුවෙන්, හලාවත නගරයේ කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවිය.

 හලාවත - මහවැව මංසන්ධියේදීඅද පෙරවරුවේ ධීවරයන් විරෝධතාවක නිරත විය. එමෙන්ම , වෙන්නප්පුව සහ මීගමුව ධීවරයන්උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි නිරත වුයේ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමිනි.ටයර් පුළුස්සමින් විරෝධතා පාඨ ඉදිරිපත් කරමින් ඊයේ (12) දිනයේ සිට ධීවරයින් මෙම විරෝධතාවල නිරත වේ.

මන්නාරම
දිස්ත‍්‍රික්කයේධීවරයන් අද (13) ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මුහුදු යාමෙන් වැලකී සිටි බව වාර්තාවේ.

ජායාරුප අනුග්‍රහය- හිරු එෆ්.එම්.
 
Related Posts with Thumbnails