Ads 468x60px

.

ඇඟේ විෂ ඉවත් කිරීමට රහස් ප්‍රදේශ අතගා තරුණියට අතවර කළ කපුවා

දේවාලයකට ශාන්ති කර්මයක්‌ සඳහා පැමිණි 16 හැවිරිදි තරුණියකගේ රහස් ප්‍රදේශ වලට දැඩි ලෙස වේදනා දෙමින් ලිංගික අතවර කල තරුණ කපුවෙකු පිලිබඳ පුවතක් දඹුල්ල රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේවාලය කින් අප වෙත වාර්තා වෙනවා.

අතවරයට පත් තරුණියට කාම කාලි දිෂ්ටියකින් විෂක්‌ ශරීර ගත ඇති බවත් ඊට ශාන්ති කර්මයක්‌ කළ යුතු බවක්‌ කපුවා තරුණියට පවසා තිබෙනවා. තරුණිය අඹු කමට ගෙන සිටි තරුණයාට මේ බව දැනුම් දීමෙන් පසු ශාන්ති කර්මය මීට දෙසතියකට පෙර රාත්‍රී 10.00 ට ආරම්භ කර තිබෙනවා.

කාලි අම්මා දිෂ්ටියෙන් මායම් වී ඇති කපුවා දෙහි කපමින් ශාන්ති කර්මය සිදුකරන අතරතුර පවසා ඇත්තේ සිරුරට ඇතුල් වී ඇති විෂ ඉවත් කිරීමට කන්ඩලම වැවෙන් ජලය රැගෙන එන ලෙස තරුණයාට පවසා
තිබෙනවා.

ඒ අනුව රාත්‍රී 10 ට පමණ තරුණයා කණ්‌ඩලම වැවට ගොස්‌ තිබෙනවා. දේවාලයේ තරුණ කපුවා හා තරුණිය පමණක්‌ සිට ඇති අතර සිරුරේ තිබෙන විෂ ඉවත් කිරීමට නම් ශරීරයේ ඇති සියලු රහස් ප්‍රදේශ අතගා
ස්‌පර්ශ කළ යුතු බව පවසා තමාට අතවර කළ බව තරුණිය පොලිසියට පවසා තිබෙනවා.

තරුණිය අඹුකමට ගත් තරුණයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර
තිබෙනවා.මෙම අතවරයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තරුණියක්‌ වන අතර ඇය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මේ වන විට දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කපුවා මීට පෙර කන්දකැටිය, පේරලන්ද ප්‍රදේශයේද දේවාලයක්‌ පවත්වා ගෙන යන මුවාවෙන් නිධානයක්‌ ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත් පිරිසකගේ පස්‌ වැන්නා වන බවද පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී
තිබෙනවා. 

මෙම තරුණ කපුවා තවත් අපරාධ චෝදනා රැසකට සම්බන්ධ බවට පොලිසිය පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පවසනවා.
 
Related Posts with Thumbnails