Ads 468x60px

.

මර්වින්ගේ අමල් අතුරුදහන් කර ඇත්තේ මර්වින්මලු

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හිටපු ලේකම්වරයෙකු වූ පසුගියදා පැහැර ගැනීමට ලක්වූ අමල් රොඞ්රිගෝ මහතා පැහැර ගැනීමට ආරක්‍ෂක අංශයට ආධාර අනුබල දී ඇත්තේ මර්වින් සිල්වා මහතා විසින්ම බව මේ වනවිට හෙළි වී ඇත.

අමල්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින ඔහුගේ කිට්ටුම සගයකු වන කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතාට මේ සම්බන්ධ තොරතුරු ලැබී තිබේ.ඔහු සිය මිතුරන් සමග මෙය ප‍්‍රසිද්ධියෙම පවසා ඇති බවත්, මර්වින් සමග යන්නේ නම් පිටුපසට ලෑලි කැබැල්ලක් තබා ගන්නා ලෙසත් ඔහු ඔවුන්ට පවසා ඇත.

මර්වින්, අමල් අවසන් කර දැමීට හේතුවී ඇත්තේ, ඉදිරි පළාත් සභා මැතිවරණකදී ඔහු පළාත් සභාවට තරග වදින බවට කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් හා අමල් විසින් අක්බාර් බ‍්‍රදර්ස් සමාගමින් රුපියල් ලක්‍ෂ 200 ක කප්පමක් ලබා ගනිමින්, එම මුදල රුපියල් ලක්‍ෂ 50 ක් ලෙස පැවසීම නිසා බවද පැවසේ.ඒ අනුව අමල්, අක්බාර් වෙතින් ලබාගත් කප්පම් මුදලින් මර්වින්ට දී ඇත්තේ ලක්‍ෂ 25 ක මුදලක් බව වාර්තා වේ.

අක්බාර්හි සේවකයකු හා පාතාල සාමාජිකයන් සමග ඇසුරු කරන්නෙකු වන කොස්තා නැමැත්තා විසින් මර්වින්ගේ සුවච කීකරු ගෝලයකු වන කළු රංජාට මේ සම්බන්ධයෙන් කෙළින්ම පැවසීම නිසා අදාළ මුදල් ගණුදෙනුවේ සැබෑ තත්ත්වය හෙළිවී තිබේ.මීට අමතරව, මර්වින් ඇමතිවරයාගේ පුතු මාලක සිල්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටීමද අමල්ගේ අතුරුදහන්වීමට හේතුවී ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails