ලොව පුරා සාමය ඇතිකිරීමට අඩි 85ක් උසැති තාර පැටියෙක්

ප‍්‍රදේශ කිහිපයක සංචාරය කරලා...

අඩි 85ක් උසැති තාර පැටියෙකු ලොව වටා යාමට නියමිත බව වාර්තා වේ.ලොව පුරා සාමය හා හොඳහිත පැතිරවීමේ අරමුණින් මෙම තාර පැටියා ලොව පුරා සංචාරය කරනු ඇත.


මෙම තාරාවා මේ වන විට නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර, ජපනයේ  ඕසකා නුවර, ප‍්‍රංශයේ ලූවාර් වැලී ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සංචාරය කර ඇත.

හුලං පුරවන ලද මෙම රබර් තාරාවා නිර්මාණය කර ඇත්තේ විශාල කලානිර්මාණයන් සඳහා ප‍්‍රසිද්ධ නෙදර්ලන්ත කලාකරුවෙකු වන ෆ්ලොරන්ටිජින් හොෆ්මන් විසිනි.

කිසිඳු දේශපාලන සබඳතාවක් හෝ වෙනස්කමක් නොකරන මෙම කලා නිර්මාණය දකින සැමගේ මුවට සිනහවක් හා සිතට සතුටක් නැගෙනු ඇත.

duck2
duck4
giant duck