Ads 468x60px

.

කේ.එෆ්.සී. කුකුල් මස් විෂ වී දැරියකට අංශභාගෙ වැළඳිලා

දරුණු ශාරීරික හා මානසික ආබාධවලට ලක්වෙලා...

ලොව පුරා ජනපි‍්‍රය ආහාර ජාලයක් වන කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් කේ.එෆ්.සී. සමාගමෙන් ගත් ආහර විෂ වූ  ඕස්ටේ‍්‍රලියානු දැරියකට එම සමාගම විසින්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 8.3ක වන්දියක් ගෙවා ඇතැයි වාර්තා වේ. 

වසර 2005 දී මොනිකා සමාන් වන මෙම දැරිය හා ඇගේ පවුලේ සාමාජිකයින් කේ.එෆ්.සී. සිඞ්නි ශාඛාවෙන් ආහාර ගෙන ඇති අතර, ආහාර ලෙස චිකන් ට්විස්ටර් ව්රැුප් අනුභව කළ මොනිකා දරුණු ලෙස අසනීප වී ඇත.

මෙම ආහාර විෂ වීම හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ මොනිකා දරුණු ශාරීරික හා මානසික ආබාධවලට ලක්ව අංශභාග රෝගයට ලක්ව ඇත.මීට අමතරව මොනිකා ගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් ද අසනීප වී ඇත.

මොනිකා ගේ අසනීප තත්ත්වයට හේතු වූයේ කේ.එෆ්.සී. ආහාර වේල බව චෝදනා කරන මොනිකා ගේ පවුලේ සාමාජිකයින් මීට එරෙහිව නඩුවක්ද පවරා තිබුණි.

පසුගිය සතියේදී මෙම නඩුවේ අවසන් නඩුවිභාගය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වුණු අතර, නඩු වියදම් වලට අමතරව ඩොලර් මිලියන 8.3ක වන්දියක් මෙම දැරියට ගෙවන අධිකරණ නියෝගයක් ලබාදී තිබුණි.

නොසැලිකිලිමත්කම හේතුවෙන් ආහාර පිළියෙල කිරීමේ දී සිදුවූ වරදකින් මෙම ආහාරයේ අඩංගු වූ කුකුල් මස් විෂ වී ඇති බවද මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා පවසා තිබුණි.
 
Related Posts with Thumbnails