Ads 468x60px

.

විවාහක බවට චෝදනා එල්ලවීමෙන් රූ රැජිනට කිරුළ අහිමි වූ කාලිනා ඩියුරාන්

දෙවැනි ස්ථානය පළමුවෙනි තැනට...

ඉකුත් 17 වැනිදා ඩොමිනිකන් ජනරජයේ පැවති 2012 රූප රැජින තේරීමේ තරගයෙන් ජයගත් කාලිනා ඩියුරාන් විවාහක කාන්තාවක බව අනාවරණය වීමෙන් පසුව ඇයට එම කිරුළ අහිමිවී ඇත. 


කාලිනා විවාහක කාන්තාවක් බවට චෝදනා එල්ලවීමෙන් පසුව විශේෂ කමිටුවක් විසින් මෙම  චෝදනාව විමර්ශනය කර තොරතුරු තහවුරුකර ගැනීමෙන් පසුව මෙම තීන්දුව ලබාදී තිබේ.

රූ රැජින තේරීමේ නීති රීතිවලට අනුව ඇයට එම කිරුළ අහිමිවී ඇති අතර එහිදී දෙවැනි ස්ථානය දිනාගෙන සිටි ලෙගී ඩල්සිටා ඩොමිනාකානු රූ රැජින ලෙස යළි තේරීපත්ව ඇත.

ඇය ලෝක විශ්ව රූ රැජින තරගය ට සහභාගිවෙමින් ඩොමිනිකානු ජනරජය නියෝජනය කිරීමට නියමිතය.වසර 2012 ඩොමිනිකානු රූ රැජින තේරීමේ තරගය සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ පැවැතිණි.






 
Related Posts with Thumbnails