Ads 468x60px

.

මම මගේ මව් රටට එන්නේ රූප රැජින තේරීමේ තරගයක් විනිශ්චය කරන්නයි - ජැකලින්

මේ අවුරුද්දෙත් ඒ වෙනුවෙන් මම එනවා...

ජැකලින්ට රේස් 2 චිත්‍රපටයේ ත්‍රාසජනක සටන් ජවනිකා කිහිපයක් නිරූපණය කිරීමට සිදුවෙලා. මට මේ ජවනිකා පෙළ නිරූපණය කරන්න වෙන්නේ මැයි මාසේ රූපගත කිරීම් වලදීයි. 

ඒ වුණත් මම පහුගිය නොවැම්බර් මාසයේ ඉඳන් මේ රූපගත කිරීම් වෙනුවෙන් ලෑස්ති වුණා. මගේ සිරුරත් ඒකට ගැළපෙන විදිහට හදා ගත්තා. සටන් ජවනිකා පුරුදු වුණා. 

ව්‍යායාම් එහෙමත් කළා. අපිට පිරිමි වගේ පුහුණුවීම් වල යෙදෙන්න නම් අමාරුයි. ඒත් කාන්තාවන් හැටියට අපි, අපේ සිරුරේ නම්‍යශීලීත්වය වගේම ජවසම්පන්න බවත් රඳවාගන්න ඕනෙ.


මම මීට කලින් ජිම්නාස්ටික් පුහුණු වෙලා තියෙනවා. දැන් මේ චිත්‍රපටය වෙනුවෙන් ආයෙමත් ඒවා පුහුණු වෙන්න ඕනෙ. ‘රේස් - 2’ චිත්‍රපටයෙ ‘ස්ටන්ට්’ දර්ශනවලදී වෙන කෙනෙක් දාන්නෙ නැතුව මම තනියෙන්ම නිරූපණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වෙනත් ශිල්ප ක්‍රමත් ඉගෙන ගන්න තීරණය කළා. 


මෑතකදී මම බ්‍රසීලයේ සටන් කලාවත් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක හරිම සතුටෙන් ඉගෙන ගත්තා. මොකද, ඒ සටන් කලාවෙන් නැටුම් වලටත් උදව් ලැබෙන නිසා. මේවා විතරක් නෙමෙයි, මම යෝගී ව්‍යායාම් පවා කරනවා. ඒකත් මට ගොඩක් වැදගත් වෙන ව්‍යායාමයක්.” ජැකලින් පසුගිය සතියේ පැවසුවා.

ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය පැවසුවා. ඒ කුමක් වෙනුවෙන්දැයි අපි ඇයගෙන්ම අහමු.

“හැම අවුරුද්දකම මම, මගේ මව් රටට එන්නේ රූප රැජින තේරීමේ තරගයක් විනිශ්චය කරන්නයි. මේ අවුරුද්දෙත් ඒ වෙනුවෙන් මම එනවා.

ලංකාවෙ තරුණියන් ජාත්‍යන්තර රූ රැජන තරග වෙනුවෙන් සූදානම් කරන ව්‍යාපෘතියක කටයුතු කරන්නත් මම දැනටමත් එකඟ වෙලා තියෙනවා. ජැකලින් පැවසුවා.
 
Related Posts with Thumbnails