Ads 468x60px

.

ස්‌වෙච්ඡාවෙන් පාසලක්‌ අසල වාහන හසුරුවන ආබාධිත සෙබළෙක්‌

බිම් බෝම්බයකට එක්‌ පාදයක්‌ අහිමි වෙලා...

2000 වසරේ සිට මේ දක්‌වා පාසල් සිසුන්ගේ ආරක්‌ෂාව සඳහා සතියේ දින පහක්‌ පෙ.ව. 7.00 සිට ප.ව. 2.30 දක්‌වා පාසලක්‌ අසල මහ මග වාහන හැසිරවීමෙහි යෙදී සිටින ආබාධිත හමුදා සෙබළෙකු පසුගියදා අපට හමු විය.
ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය අසල ඉබ්බාගමුව මඩගල්ල මහා මාර්ගයේ ස්‌වෙච්ඡාවෙන් මෙම මහඟු සේවයෙහි යෙදී සිටින රණවිරුවා නම් පාන්ගොල්ල රණවිරු ගම්මානයේ වාසය කරන කේ. වී. එන්. ඒ. ප්‍රේමචන්ද්‍ර (46) නමැති තිදරු පියායි.

1987 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්‌කු රෙජිමේන්තුවට බැඳුණු ප්‍රේමචන්ද්‍ර මහතා 1996 වසරේ වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී බිම් බෝම්බයකට හසුවිය. එමගින් ඔහුට එක්‌ පාදයක්‌ අහිමි විය.





මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ප්‍රේමචන්ද්‍ර මහතා.
ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශය තියෙන්නේ මඩගල්ල පාරේ උඩුපැත්තේ. ක්‍රීඩාපිටිය තියෙන්නේ දඹුල්ල පාරේ යටි පැත්තේ. මේ නිසා පාසල් සිසුන් නිතරම පාහේ මේ මාර්ග ඔස්‌සේ එහාට මෙහාට යනවා. දැන් මෙම මාර්ග දෙකෙහිම විශාල වශයෙන් වාහන තදබදයක්‌ තිබෙනවා. 

මේ වායේ ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යනවා. මා ස්‌වෙච්ඡාවෙන් මෙම සේවය ඉටුකරනුයේ මගේම දරුවන් වැනි පාසල් සිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහායි. මෙම මාර්ග දෙක සඳහාම ගුවන් පාලම් ඉදිකරන්නේ නම් මෙසේ වාහන හැසිරවීමක්‌ අවශ්‍ය වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

තම සේවය නිසියාකාරව ඉටුකිරීම සඳහා ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිතුමන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් ද පාසල් ගුරු මහත්ම මහත්මීන්ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය දක්‌වන බැව් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
 
Related Posts with Thumbnails