Ads 468x60px

.

කළු ගඟේ අතුරුදන්වූ තරිඳු පි‍්‍රයංකරගේ සිරුර නාවික හමුදාවේ සහයෝගයෙන් ගොඩ ගනී

කළු ගඟේ අතුරුදන්වූ පෙම්වතාගේ සිරුර හමුවෙයි...
කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ පුර්ණ සහයෝගය...

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් ඊයේ (26) වාර්තා වුනා.
 
ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ.අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ අගලවත්ත,දාපිලිගොඩ පදිංචිව සිටි වයස 19ක් වන අමුගොඩ කංකානම්ගේ දොන් තරිඳු පි‍්‍රයංකර යන තරුණයාය.ඔහු පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර ඔහුගේ පෙම්වතිය වන මධුවන්ති මෙවර උසස්පෙළ විභාගය සඳහා සුදානම් වෙමින් සිට ඇත.

මොවුන් දෙදෙනාගේ සම්බන්ධයට දෙපාර්ශවයේම දෙමාපිය ආශීර්වාදය හිමිව්ව තිබු බවද පැවසේ.මේ පිලිබඳ විස්තර කරන මධුවන්ති මෙනවියගේ මව වන එච්.ශ‍්‍රියානි පෙරේරා මහත්මිය

‘‘මියගිය මගේ දුවට තව නැගණියක් සිටිනවා. මියගිය දුව පංති යනවිට තමයි මෙම පිරිමි දරුවා සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන්නේ. මෙම සම්බන්ධයට අවුරුදු එකහමාරක් වෙනවා. ඒ සම්බන්ධය අපේ පවුල් දෙකටම රහසක් වුණේ නැහැ.
දෙපැත්තෙන්ම කැමැත්ත තිබුණා. දුවගේ විභාගය ඉවර වුණාට පස්සේ ප‍්‍රියංකර පුතාට අපේ ගෙදරට ඇවිල්ලා දුවත් එක්ක කතා කරන්න අවසර දීලයි තිබුණේ. ඒත් මගේ ආදර දුවත්, පුතත් දෙන්නම අපව දමා යන්න ගියා..
26 වැනිදා පුතා දුවට කතා කරලා කියා තිබෙනවා පුතාගේ ජාතික හැඳුනුම්පතට පිංතූර  ගන්න  ඕනෑ නිසා කඑතරට එනවයි කියලා.
දුවට මම දවල්ට කන්න  කෑමත් හදා දුන්නා. දෙන්නා මගදි හමුවෙලා යන කොට තමයි මේ මහා අපරාධය සිද්ධ වෙලා තිබෙන්නේ. අවට සිටි අය දැකලා තිබෙනවා මගී පාලමේ ලෑල්ල කඩා ගෙන දුව කඑ ගඟට වැටෙනවා. ඒ එක්කම මගේ දුව බේරා ගන්න පුතා පැනලා තිබෙනවා...’’

මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා වන කුමාර වෙල්ගම මහතා එම සිදුවීම වූ ස්ථානයට ගොස් එය පරික්ෂා කරන බවත් මෙහි වරද දුම්රිය දෙපාර්තමේන්තුව සතු නම් වන්දි මුදලක් ලබා දීමට වහා පියවර ගන්නා බව ද ප්‍රකාශ කොට ඇත.


 
Related Posts with Thumbnails