Ads 468x60px

.

සැමියා නැති එක ලොකු ගැටළුවක් නෙමේ - කාංචනා

ඔහු ලංකාවට පැමිණීමෙන් විශාල අවාසියක් සිදුවෙනවා...

ජනපි‍්‍රය ටෙලි හා සිනමා නිළියක් වන කාංචනා මෙන්ඩිස්ගේ සැමියා ලංකාවේ නොසිටීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ කයි කතන්දර පසුගිය කාලයේදී වාර්තා විය.



මේ අතර, ඇගේ සැමියා වන රොෂාන්ගේ අධ්‍යාපනය හමාරවී ඇතත් ඔහු ලංකාවට නොපැමිණීම සම්බන්ධයෙන් ද ක්‍ෂේත‍්‍රයේ කතාබහක් තිබිණි.
කෙසේවුවද කාංචනා පවසන්නේ සිය සැමියා වන රොෂාන් වසර ගණනක් පිටරට සිටි කෙනෙක් නිසා ඔහුට ලංකාවට පැමිණීමෙන් විශාල අවාසියක් සිදුවන බවයි.

ඔහු ලංකාවේ ජීවිතය මුල සිට පටන් ගත යුතු බවද ඇය පවසන්නීය.
එසේම තමාගේ ජීවිතය ඇත්තෙ මෙරට කලා කටයුතු සමග බවත් එය අත්හැර පිටරට යාමට නොහැකි බවත් ඇය සඳහන් කළාය.

ඔහු නැතිවීම ලොකු ගැටළුවක් නොවන බත් පවසන ඇය රොෂාන් පසුගිය වසරේ දෙවරක් ලංකාවට පැමිණි බවත් පවසන්නීය.
රොෂාන් ගිය වසරේ මාස හයක් පමණ සිටියේ ලංකාවේ බවත්, සඳහන් කළ ඇය ලබන මාසයේදී යලිත් රොෂාන් ලංකාවට පැමිණෙන බවත් සඳහන් කළාය.

කෙහොම වුණත් රොෂාන් දිගටම ලංකාවෙ ඉන්නවද පිටරට සිටිනවාද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද ඇය සඳහන් කළාය.


 
Related Posts with Thumbnails