Ads 468x60px

.

පාසල් සිසුන් ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක්

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය...

 හිසේ ආලේප කරන ඇල්කොහොල් අඩංගු ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක් පාසල් සිසුන් අතර පැතිර යන බැවින් ගුරු භවතුන් සහ මවුපියන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු යැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය යනාදී ලක්‍ෂණ පළ කරන බවත් එවැනි ළමයින් පාසල් යෑමට උනන්දු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.



මේ වසංගතය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්, ගුරු භවතුන් සහ මවුපියන් දැඩි අවධානයෙන් කටයුතු කොට ළමයින් ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගත යුතු බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails