Ads 468x60px

.

වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ මෝටර් රථය

ලංකාවේ මුදලින් කෝටි 2 ක්...

සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ බිරිඳ වන සුපිරි ගායන ශිල්පි වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ සුඛෝපභෝගී රේන්ජ් රෝවර් මෝටර් රථය පසුගිය දා චීනයේදී එළිදැක්වන ලදී.
Range Rover Evoque විශේෂ නිපැයුම ලංකාවේ මුදලින් කෝටි 2කට ආසන්න මුදලකට මිල නියම කොට ඇති අතර එය සාමාන්‍ය වර්ගයේ රේන්ජ් රෝවර් මෝටර් රථයක මිල මෙන් දෙගුණයක් පමණ වේ.

මෝටර් රථ 200ක් පමණ සුළු ප්‍රමාණයක් පමණක් නිපදවීමට නියමි මේ මොටර් රථය නිපදවීම සඳහා විධායක සැලසුම් නිර්මාණ ශිල්පියා ලෙස වික්ටොරියා දායක වී ඇති අතර ඒ සඳහා ඇය මාස 18ක අධික කාලයක් ලෑන්ඩ් රෝවර් සමාගම සමඟ එක්ව සේවයේ නියුතුව සිටී.




 
Related Posts with Thumbnails