Ads 468x60px

.

ලංකා අලියාගේ මරණයට සැබෑ හේතුව අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසාලු

මෙය පළමු පාරත් නෙමෙයිලු ...
ලයිස්තුවේ තවත් ඉන්නවලු...
 
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ”ලංකා” නම් අලියා ඉංගිරියල අක්කර විස්ස පරහා දේශයේ දී ඉකුත් 13 වනදා මිය ගියා.

 මරණයට හේතුව ලෙස ප්‍රකට වූයේ අකුණු සැර වැදීමයි.එහෙත් එය නිවැරදි නොවන බවත් මරණයට සැබෑ හේතුව  අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසා සිදුවූ කායික පීඩා බවත් පරිසර සංරක්ෂණ භාරය පවසනවා.
එමගින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ ඇතාගේ ඉදිරි දකුණු පාදයේ හෙණ්ඩු පහරවල් නිසා ඇති වූ දරුණු තුවාලක් ද තිබූ බවයි. එහෙත් ඇතා බලාගත් පශු වෛද්‍ය වරිය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්ය  කණ්ඩායම ඒ බව වසං කිරීමට උත්සහ කරන බව ද එම නි‍වේදනයේ දැක්වෙනවා. 

තව ද මරණය සිදුවූ ස්ථානයේ අකුණු සැරක් වැදුණු බවට කිසිදු සළකුණක් නොමැති බව ද  ඇතා හිරවන සේ බැද තැබූ දංවැල් රාශියක් පමණක් දැක ගත හැකි බව ද දක්වා තිබෙනවා. ඒ ඇතා දැන් වසර ගණනාවක සිට ඉංගිරිය දේශයේ කොටන් ඇදීම සිදු කල බවයි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. එහෙත් ප්‍රමාණවත් ආහාර හෝ ඇතාට ලබා දි නැතැයිද  දක්වා තිබෙනවා.

මේ අතර මෙම කරුණු සගවා
අකුණු ගැසීමක් යැයි අසත්‍ය රාවයක් සමාජගතවීමට තවත් හේතුවක් වූයේ ඇතාගේ මරණය ස්මබන්ධයෙන් ජාතික සත්ත්වෝධ්‍යානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ප්‍රමාණවත් සොයා බැලීමක් සිදු නොකෙරුණු නිසා බවයි පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ. අඩුම තරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් හෝ විශ්ලේෂණාත්මක ව පරීක්ෂාවට ලක් කර නැතැයි එමගින් නිකුත් කෙරුණු නිවේදනයේ සදහන්.

මෙය
පළමු පාරත් නෙමෙයිලු
කෝට්ටේ රජමහා විහාරයේ පළමුව සිටි ,රාජා, නම් ඇතා මිය ගියේ ද ඉංගිරිය දේශයේදී බවයි පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ. කොටන් ඇදීම සඳහා ලොරියකින් ගෙන යමින් සිටිය දී ලොරි තට්ටුව කඩා වැටීමෙන් දරුණු ලෙස තුවාල ලැබු ,රාජා, දින ගණනාවක් මහ ඉංගිරියේ වත්තක පොල් කොටන් ආධාරයෙන් බැද තබා සිටි බව එමගින් නිකුත් කෙරණු නිවේදනයේ දැක්වෙනවා.

තව  ,ජය ශ්‍රී
වේ , නැතහොත් ,දිවුලා, නමින් හඳුන්වන 1982 වසරේ දී පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් අලියාගේද තව  ,ජය ශ්‍රී හා , නැතහොත් ,දිවුලා, නමින් හඳුන්වන 1982 වසරේ දී පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් අලියාගේද මරණය සැකසහිත බවයි දක්වා තිබෙන්නේ.  

2010 සැප්තැම්බර් මස 9 වන දා එම මරණය සිදුවුණා. අධික ලෙස වැඩ ගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස කෝපවූ එම අලියා ඇත්ගොව්වන්ට ද පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අලියා විසින් වයෝවෘද පුද්ගලයකු ඝාතනය ද කෙරුණු බවයි සිහිපත් කෙරෙන්නේ.

ඊට පළිගැනීම සදහා ඇත්ගොව්වන් ක්‍රියා ඇත්තේ අලියාට ආහාර හා ජලය ලබා නොදී දින තුනක් එක ස්ථානයක බැද තැබීමයි. ඉන් විජලනය වීමෙන් අලියා මිය ගිය බව පරිසර සංරක්ෂණ භාරයේ අදහස වනවා.

ලයිස්තුවේ තවත් ඉන්නවලු.

කෝට්ටේ රජමහා විහාරස්ථානය සතුව තවත් අලි -ඇතුන් සිව් දෙනෙක් සිටිනවා. එහෙත් විහාරස්ථ පරිශ්ශ්‍රයේ සිටින්නේ මියන්මාරයෙන් තෑගි ලැබුණු ඇතා පමණයි. අනෙක් එක අලියෙකුවත් විහාස්ථ  පෙරහැරකට හෝ රැගෙන එන්නේ නැහැ. එම අලින් ඉංගිරියේ කොටන් ඇදීමට යොදවා තිබෙන බව පරිසර සංරක්ෂණ භාරය පවසවා.
 
Related Posts with Thumbnails