Ads 468x60px

.

නිල්වලා ගගේ කිඹුලන් මිය ගොස් ඇත්තේ ගම්වාසීන් කිඹුලන්ට ‘වස දෙහි’ දීම නිසාලු

මාතර වෙරළට කිඹුලෙකු ගසාගෙන විත් තිබුනේද මේ අකාරයට වස දීම හේතුවෙන්ලු...

පසුගිය දින කිහිපයේදී නිල්වලා ගගේ කිඹුලන් මිය ගොස් ඇත්තේ ගම්වාසීන් විසින් කිඹුලන්ට ‘වස දෙහි’ දීම නිසා බව ජෛව පර්යෙෂණ මධ්‍යස්ථානය පවසයි.


මීට ඉහතදී මාතර වෙරළට කිඹුලෙකු ගසාගෙන විත් තිබුනේද මේ අකාරයට වස දීම හේතුවෙන් බවත් ගැට කිඹුලාට මුහුදේ ජීවත්වීමට හැකි තත්වයක් තිබුණද එම කිඹුලා පීඩාවට පත්ව තිබුනේ වස දීමෙන් බව එම ආයතනයේ සභාපති පුබුදු වීරරත්න මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ ආකරයෙන් කිඹුලන්ට වස දීම නිසා පිළියම් සොයාගත නොහැකි පාරිසරික ප‍්‍රශ්ණ රැසක් ඇතිවිය හැති බවද ඉක්මනින්ම නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන විසින් ක‍්‍රියාත්මක වී කිඹුල් රැඳවුම් මධ්‍යස්ථාන අරඹීම වැනි ආරක්‍ෂිත පියවරයන් ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
 
Related Posts with Thumbnails