Ads 468x60px

.

ඇන්ජලා නමට කුඩු එවා ඇත්තේ බාරගන්න ගිය විදේශිකයාමලු

ඇන්ජලා නමට හෂීස් ගෙන්වූ දෙවැනි සැකකරුත් මාට්ටු...

හෂීස් මත්ද්‍රව්‍ය සහිත සඟරා පාර්සලයක් කොලඹ කොල්ලූපිටියේ හඞ්සන් පාරේ නිවසක ලිපිනයට එවා තිබුනේ එම පාර්සලය බාර ගැනීමට ගොස් අත්අඩංගුවට පත්ව සිටින ‘බ‍්‍රටන් සෙවිල්’ නමැති විදේශිකයාම බව පොලිසිය කියයි.  

සිය සගයා සමඟ නවදිල්ලියට ගොස් හෂීස් මිලට ගෙන ඒවා සඟරාවල අසුරා කොල්ලූපිටියේ  ලිපිනයට තැපැල් කර ඇති බවත් එය ශ‍්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවල මොහු මෙම නිවසේ නැවතී සිට ඇතැයිද හෙළිව තිබේ.


චිත‍්‍රපට නිළි ඇන්ජලා සෙනෙවිරත්න මෙම නිවසේ කලින් පදිංචිව සිටි බව ඇගේ නමට එම නිවසට ලැබී තිබූ ලිපියකින් දැනගෙන ඇති සැකකරු හෂීස් සඟරා එවීම සඳහා ඇගේ නම යොදාගෙන ඇතැයිද පරීක්‍ෂණවලදී අණාවරනය වී ඇත.


ඇන්ජලා නමට හෂීස් ගෙන්වූ දෙවැනි සැකකරුත් මාට්ටු...

 
ජනපි‍්‍රය නිළියක වන ඇන්ජලා සෙනවිරත්නගේ නමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂිස් අඩංගු සඟරා බාර ගැනීමට ගිය බව කියන අනෙක් බි‍්‍රතාන්‍ය ජාතිකයා ඊයේ (25) රාති‍්‍රයේ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු කටුනායක ගුවන් තොටින් සිංගප්පූරුව බලා පිටත්වයාමට උත්සාහ කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පාර්සලය රැගෙනයාමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි මොහොතේදීම බ‍්‍රටන් සෝල් පිලික්ස් නැමැති විසිතුන් හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතිකයා රේගු මත්ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය.

මෙම පාර්සලය ඉන්දියාවේ සිට පැමිණ තිබූ අතර මෙම පාර්සල් තුළ හෂීස් ග‍්‍රෑම් 366 ක් අඩංගුව තිබූ බවත්, එහි වටිනාකම රුපියල් 75,000ක් පමණ යැයිද රේගු මත්ද‍්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේය.




හෂීස් මත්ද්‍රව්‍යය අයිති සැකකාර නිළිය Missing වෙලා

මත් කුඩු පාර්සලයට මගේ සම්බන්ධයක්‌ නෑ - ඇන්ජලා කියයි

ඔයගොල්ලෝ තමා කියන්නේ මම මිසින් කියල..ඔයෝගොල්ලම දැන් මාව හොයාගෙන - ඇන්ජෙලා කරුණු පැහැදිලි කරයි

හෂිෂ් පාර්සලය ගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතිකයාගේ මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කරලා

මේක මගේ නමට කැළලක්‌ ඇතිකරන්න හදපු කුමන්ත්‍රණයක්‌ - ඇන්ජලා කටඋත්තර දෙයි

 

 

 

 
Related Posts with Thumbnails