Ads 468x60px

.

මේරියන්ස් ශබ්දාගාරයේ සංගීත භාණ්ඩ අයිතිය නලින් පෙරේරාගේ බිරියට

නලින් සිය බිරියගෙන් දික්කසාද වීම නිසා අයිතිය ඇයට ගිහින්...

සවුන්ඞ් ඔෆ් මේරියන්ස් ශබ්දාගාරයේ සංගීත භාණ්ඩ අයිතිය ‘මේරියන්ස්‘ සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ බිරියට හිමිව ඇතැයි වාර්තා වේ.නලින් සිය බිරියගෙන් දික්කසාද වීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි ද පැවසේ. 


එම ශබ්දාගාරයෙන් නවීනතම තාක්ෂණයෙන් යුතුව ගීතයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන අතර මෙය ඇමරිකානු තාක්‍ෂණික උපදෙස් අනුව නිර්මාණය කරන ලද ශබ්දාගාරයකි.

ගීත පද රචනය, තනු නිර්මාණය, සංගීතවත් කිරීම, පුහුණුවීම්, පටිගත කිරීම්, සංස්කරණ කටයුතු සියල්ල මෙහිදී කිරීමට හැකියාව තිබේ.
ස්ටීරියෝ මෙන්ම ඞී.ටී.එස්. තාක්ෂණයෙන් ගී පටිගත කිරීමට පහසුකම් ඇති මෙහි ශබ්දාගාර දෙකක් ද, සංගීත ඇකඩමියක් ද, ගීත බැංකුවක් ද ඇත.

නලින් මේ වනවිට සිය මීගමුව, තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ පිහිටි බිරිය හා දරුදෙදෙනා සමග ජීවත්වූ නිවස අත්හැර නුගේගොඩ තාවකාලික නවාතැන් පලකට පැමිණ ඇතැයි ද පැවසේ.මොවුන් මෙලෙස වෙන්වීමට තීරණය කර ඇත්තේ සුහද එකගතාවයකින් පසුව බව ද වාර්තා වේ.

මේරියන්ස් සංගීත කණ්ඩායම ආරම්භ වූයේ 1988 වසරේදීය.
හලාවත ශන්ත මරියා විදුහලෙන් පාසල් අධ්‍යාපනය ලද නලින් කණ්ඩායම් සංගීතයට පිවිසියේ පාසලේ තිබූ ගීත ගායනා තරගයකට සංගීතය සැපයීමට කීපදෙනෙක් සමග එක්ව සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමත් සමගය.

පසුකලෙක මේරියන්ස් බවට පත්වූයේ එමසංගීත කණ්ඩායමය.
නලින්ට, සන්ෆ්ලවර්ස් නායක නීල් වර්ණකුලසූරිය විශාලවශයෙන් සහය දැක්වූ බව ද පැවසේ.මේරියන්ස් මුල්ම සංගීත ඇල්බමය පිටවූයේ ”මේරියන්ස් සංගීත නාදය” නමිනි.

කෙසේවුද නලින් මේරියන්ස් බිහිවීමට පෙර ‘ඒන්ජල්’ නම් සංගීත කණ්ඩායමේ ගායකයකු ලෙස කටයුතු කළේය.ඔහු එකළ වැඩි වශයෙන් ගායනා කරනු ලැබුවේ සී. ටී. ප‍්‍රනාන්දුගෙ ගීත බව ද පැවසේ.

‘අංජලිකා’ නලින්ගේ වඩාත් ජනපි‍්‍රයම ගීතය වේ. මර්වින් මිහිඳුකුල මේ ගීතය නිර්මාණය කිරීමට හවුල්වූ බව පැවසේ. එහි පද රචනය කර ඇත්තේ කුමාර පෙරේරාය.ඔහු නිවේදකයෙක් ලෙස සිරස රූපවාහිනියේ ‘කාගෙද ගී නද’ වැඩසටහන වසර 12 කට ආසන්න කාලයක් මෙහෙයවමින් ද ජනපි‍්‍රයත්වයටපත් විය.
 
Related Posts with Thumbnails