Ads 468x60px

.

දිගින් දිගටම ඇදී ගිය වැල් ටෙලි නාට්‍ය වලට තිත

වඩා හොද ටෙලි නාට්‍ය කලාවක් උදෙසා මෙගා ටෙලි නතර කරයි...

මෙගා ටෙලි නාට්‍ය කොටස් 100 දක්වාත්, සාමාන්‍ය ටෙලිනාට්‍ය උපරිමය කොටස් 50 දක්වාත් සීමාකර තිබේ. 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගය මත වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම් ගනේගල මහතා වෙත නිකුත් කරණ ලද නිවේදනයක් මගින් මෙම සීමාව යොදා ඇත.

එසේම රජයේ නාලිකාවලින් නිෂ්පාදනය කරණු ලබන ටෙලි නාට්‍ය සදහා සතියකට විකාශන කාලවේලාවන් දෙකක් පමණක් ලබා දීමටත්, අනෙක් සියළුම ටෙලිනාට්‍ය ගුවන් කාලය බාහිර නිෂ්පාදකන්ට ලබා දීමට සහ බාහිර ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතන විසින් පවත්වාගෙන යන ඒකාධිකාරය ඉවත් කරන ලෙසත් අදාල නිවේදනයේ දැක්වෙන බව පැවසේ.

එක් නිෂ්පාදන ආයතනයකට එක් නාලිකාවක්  සදහා එක් ටෙලි නාට්‍යක් පමණක් ලබාදීමටත් එම ටෙලි නාට්‍ය විකාශයෙන් මාස 06 ට පසු නැවත එම ආයතනයට ටෙලි නාට්‍ය ගුවන් කාලය ලබාගැනීම ට හැකිවන අයුරින් මෙම ටෙලි නාට්‍ය විකාශය කිරීමේ නව නීති රීති රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා මේ වනවිට නිකුත් කර ඇත.

මෙම තීරණ ඉතා ඉක්මණින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති සුරේෂ් අබේසේකර මහතාගෙන් අප කළ විමසීමක් ඒ මහතා කියා සිටියේ කර්මාන්තයක් හැටියටත්, ශිල්පීන් හැටියටත් මෙගා නමින් දිගින් දිගටම ඇදී ගිය වැල් ටෙලි නාට්‍ය නිසා සමස්ථ ටෙලි නාට්‍ය කලාව  මහා ව්‍යසනයකට යමින් තිබුණ බවයි.

වසර කිහිපයක සිට ටෙලිනාට්‍ය නිසා සියළු දෙනා වඩාහොද ටෙලි නාට්‍ය කලාවක් උදෙසා මෙගා නතර කරවීමට ගත් වෙහෙසේ ප‍්‍රතිඵලයක් ලෙස ද ඔහු මෙය දක්වනු ලැබීය.

එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස රැගුම් පාලක මණ්ඩල පනත සංහෝධනයට ලක් කරමින් එතෙක් රැගුම් පාලක මණ්ඩලයේ තිබූ සිනමා, වේදිකා සහ ප‍්‍රසංග වේදිකා යන විෂය පථයන් තුනට ටෙලි නාට්‍ය කලාවත් ඇතුල් කර ගැනීමට අපට තම සංගමයට හැකිවූ බවද පෙන්වා දන්නේය.

රැගුම් පාලක මණ්ඩල පනත 1950 දශකයේ පමණ ඇරඹූවක් බවත්, ඒ වනවිට ලංකාවට රූපවාහිනිය නොපැමිණ තිබුණ බවද ඔහු කීය.
 
Related Posts with Thumbnails