දැන්
සියලූ අත්හදා බැලීම් කර අවසන්...
ළඟදී ම මෙය වෙළඳ පොළට දානවා...
මේකත් එක විදියක තී‍්‍රවීල් එකක්. වෙනසකට
තියෙන්නෙ මේ රියේ රෝද දෙක තියෙන්නෙ ඉස්සරහින්.
තනි රෝදෙ පස්සෙන්. හරවන්නේ
රෝද දෙකෙන්. රෝද දෙකේ මෝටර් සයිලකයට වඩා මේක ආරක්ෂා සහිතයි. වංගු ගන්න කොට
ලේසියෙන් පෙරළෙන්නෙ නැහැ.
මේ ති‍්‍රරෝද මෝටර් සයිකලය ළඟදීම යතුරුපැදිකරුවන් අතර ජනපි‍්‍රය ගමන් ක‍්‍රමයක් වනු ඇති.
මෙහි සැලසුම්කරු ජෝ විල්කොක්ස්. ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩර්හැම්හී වාහන නිෂ්පාදන ආයතනයක සේවය කරන නිර්මාණකරුවෙක්. ඔහු කියන්නේ සාම්ප‍්‍රදායික මෝටර් බයිසිකල්වලට වඩා ආරක්ෂා සහිත නිසා මෙය ඉක්මනින් ම ජනතාව අතර ජනපි‍්‍රය වේවි කියලයි.
මේ ට‍්‍රයික් රිය වංගු ගැනීමේ පදවන්නාට විශාල පහසුවක් වනු ඇති. ඒ වගේ ම ආරක්ෂා සහිතයි.
මේ ස්වේ ට‍්‍රයික් රිය පදවන්න පුහුණු වීමක් අවශ්‍ය නැහැ.
නිර්මාතෘ විල්කොක්ස් එහි මහ මඟ ධාවනය ගැන
කියන්නේ මෙහෙමයි: ”මෙය සැලසුම් කර ඇත්තේ පදවන්නාට විශේෂ ආරක්ෂාවක් සැලසෙන
පරිදියි. එපමණක් නොව මෙය පදවා ගෙන යාම ද ඔහුට විශාල පහසුවක් වේවි. සාමාන්‍ය
මෝටර් සයිකලයක් වගේ පෙරළීමේ අවදානමක් කොහෙත් ම නැහැ”
මෝටර් සයිකල් පදවන අයට පුහුණු වෙන්නත් මෙය කදිම වාහනයක්.
මෙහි දෙපස ඇති පැදි දෙකෙන් තමා වංගු ගැනීමේ දී පදින්නා සම බර ව තබා ගන්නේ.මේ රිය ඇතුළත් වන්නේ මහ මග නීත්‍යානුකූල ව පැදවිය හැකි මෝපෙඞ් පන්තියේ වාහන අතරටයි.මෙහි තවත් සුවිශේෂත්වයක් තියෙනවා. එනම් මෙය මඩ මත හෝ හිම මත හෝ අයිස් මත එරීමක් හෝ ලිස්සා යාමක් හෝ නොමැතිව පදවා ගෙන යා හැකිවීමයි.
මෙය වෙළඳ පොළට දමන්න ඔවුන් අපේක්ෂා කරන්නේ ලබන වසරේ දීයි.