Ads 468x60px

.

සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී ගහන ගැහිලි

සිසුන් පාසලට ගැනීමේදී ලිංගික අල්ලස් පවා ලබාගෙන...
 
සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී බොහෝ ජනප්‍රිය පාසල් වල හොර මැර දූෂණ එළිපිටම සිදුවේ. බොහෝ විට මේවා සිදුවන්නේ අදාල පාසලේ විදුහල්පතිවරයා, පාසලේ බලවත් ගුරුභවතුන් ,  ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන්  ,  අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , කලාපයේ දේශපාලකයන්ද සම්බන්ධ කරගෙනය. 
 
මෑතකදී කොළඹ මහානාම විදුහලේ අලුතෙන් සිසුන් පාසලට ගැනීමේදී මුල්‍ය අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් පවා ලබාගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි. දැනට මෙම සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පවරා ඇත.  නමුත් මෙම පරීක්ෂණ  දේශපාලකයන්ගේ බලපෑම් නිසා යට යාමේ බලවත් ප්‍රවණතාවයක්  තිබේ. 
 
දැනට කෙරුණු පරීක්ෂණ අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අවසාන ලැයිස්තුවේ හා බලාපොරොත්තු ලේඛනයේ නම සඳහන් නොවන සිසුන් 28 දෙනෙකු  පාසලට ඇතුලත් කර ඇත. එසේම  ව්‍යාජ  ලිපි ලේඛන මගින්ද සිසුන් මෙම පාසලට ඇතුලත් කරගෙන තිබෙන බවද හෙළිවී තිබේ.  
 
ඇතැම් තරුණ මව්වරුන්ට ළමයා පාසලට දමා ගැනීමට  අවශ්‍ය නම් විදුහල්පතිවරයා සමග යහන් ගත වීමටද අනිසි යෝජනා කොට  තිබෙන බව දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කොට තිබේ. 
 
එසේම  කොළඹ මහානාම විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිංගික බලහත්කාරකමක් කළ බව කියමින් උපගුරුවරියක් විසින් කොල්ලුපිටිය පොලීසියේ පැමිණිල්ලක් කොට ඇති අතර ,මේ දක්වා පොලිසිය විසින් එම පැමිණිල්ල විධිමත් ලෙස පරීක්ෂණයට ලක් නොකොට නොමැත. 
 
තවද පැමිණිලිකාරියට එම පැමිණිල්ල ඉවත් කර ගැනීමට මහානාම විදුහලේ විදුහල්පතිවරයා විසින් නොයෙකුත් බලපෑම්  කරන බව වාර්තා වේ.  

මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරා බොහෝ ජනප්‍රිය පාසල් වලින් වාර්තා වී ඇත.කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ   ආදී ශිෂ්‍ය  සංගමයේ නිලධාරියෙකු වන නිහාල් පතිරගේ නැමැත්තාද එම විදුහලට ආදී ශිෂ්‍ය කැටගරිය යටතේ ළමුන් ඇතුලත් කර ගැනීමේදී  දෙමාපියන්ගෙන් මුල්‍යමය ප්‍රතිලාභ ලබාගැනීම සිදු කරන බවට පැමිණිලි ලැබී ඇත . 
 
එසේම ඇතුලත් කරන ළමුන්ගේ පියවරු කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ  ආදී සිසුන් බවට වියාජ ලෙස ලිපි සකසා   සම්මුක පරීක්ෂණ වලට යැවීමද මොහු විසින් සිදු කොට තිබේ. මෙවැනි අන්දමේ අක්‍රමිකතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය  සංගමයේ නිලධාරියෙකු වන ඉසුරු සමරසිංහ ද සිදු කරන බවට පැමිණිලි ලැබී තිබේ. 
 
නමුත් මොවුන් මෙවැනි වංචා සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ද සම්බන්ද ගැනීමෙනි. ඒ නිසා මෙවැනි අක්‍රමිකතා සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට  පැමිණිලි කලද ඒවා  ගැන විධිමත් පරීක්ෂණ පැවැත්වීමක් සිදු කෙරී නැත. 

 
Related Posts with Thumbnails