Ads 468x60px

.

Youth Radio සහ Your Radio වෙනුවට, සිංහ Radio

ප්‍රධානියා යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියලු...

පෙර පැවති Youth Radio සහ Your Radio යන ගුවන්විදුලි නාලිකා එකතු කර සිංහ FM නමින් අලුත්ම ගුවන්‍විදුලි නාලිකාවක් පසුගිය පෙබරවාරියේ දී ආරම්භ කර ඇත.

VIS Broadcasting ආයතනය සතුව තිබු Youth Radio සහ Your Radio නාලිකාවන් අයිතිව තිබුණේ රජයට සම්බන්ධ සමීප බලවතෙකුට වන අතර එම නාලිකා ලැබූ මූල්‍යමය පාඩු නිසා පසුව වසා දමා ඇත.

එයට හේතුව එම නාලිකාවල ප්‍රධාන විධායක නිලධාරියා වූ නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුගේ ක්‍රියා කලාපයයි.

පසුව මෙම නාලිකා දෙක එකතුකර ආරම්භ කල සිංහ FM නාලිකාව පැරණි විකාශන සංඛ්‍යාත ඔස්සේම දැනට විකාශන කටයුතු සිදු කරයි.


මෙම නාලිකාවේ වර්තමාන ප්‍රධානියා වන්නේ ජානාධිපති රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායක මෙනෙවියයි.


මෙය CSN රුපවාහිනී නාලිකාවට සමගාමිව ගුවන් විදුලි නාලිකාවක් ලෙස පවත්වාගෙන යාමට නියමිතයි.
 
Related Posts with Thumbnails