Ads 468x60px

.

ළඟදීම "ටෙලිග්‍රෑම්" වලට තිත...

ටෙලිග්‍රෑම් ගහන්නේ පුද්ගලයන් නිවාඩු ගැනීමවිතරයි... 

කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව ළඟදීම අහෝසි කිරීමට තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා තීරණය කර ඇත.


අද පවතින නව තාක්‍ෂණය අනුව විදුලි පණිවුඩ සේවාව ඉතාමත් දුර්වල තත්වයක පවතින බව පවසන ඇමැතිවරයා දුරකථන - ඊමේල් -
ෆැක්‌ස්‌ පණිවුඩ සහ එස්‌. එම්. එස්‌. පණිවුඩ සේවාව මහජනතාව අතර අද ඉතා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති බව ද කියයි.

නගරබද සහ ගම්බද පළාත්වල පවා අද මෙම සේවාවන් ව්‍යාප්ත වී තිබේ. විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාවේ නිරත වී සිටින 1800 ක්‌ පමණ වන සේවකයන් සාමාන්‍ය තැපැල් සේවාව සඳහා යොදවන බව ද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ ආයතනවල සේවය කරන පුද්ගලයන් නිවාඩු ගැනීම සඳහා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails