Ads 468x60px

.

ඇමරිකන් කාරයන්ගේ සහ අපේ වැඩ මෙන්න...

ඇමරිකන් කාරයා අඟහරු වෙත යානාවක් යැව්වේය, ඒ  කාලය අතරතුර අප කළ දේ මෙන්න  

1)  රටේ ජනාධිපති ඇතුලු  ඇමතිවරු මන්ත්‍රීවරු ලංකාවේ හතර මායිමේම තියෙන පන්සල්, පල්ලි, කෝවිල් ගාණේ වැඳ වැඳ ගියේය.



2) ජනාධිපති අද්භූත ශක්තියෙන් ලෙඩ හොඳකරවනවා කියන එලියන්ත වයිට්ව  විශ්වාස කොට  ඔහුව තමන්ගේ  තමන්ගේ වෛද්‍යවරයා ලෙස පත් කර ගත්තේය.


3) ඇමති, මන්ත්‍රිවරු ඔවුන්ගේ බිරින්දෑලා හැමෝම කැබිලිත්තේ දේවාලේ වඳින්න  ගියහ.


4) ප්‍රාදේශීය සභාවල සිටින දේශපාලකයන් ගැහැණු සහ ළමුන් දුෂණය කලෝය , මිනී මරුවෝය.


5) අගවිනිසුරුවරියගේ සැමියා බැංකුවකට වැඩක් දුන්නේය.


6) හසන්ත ද මේල් , ෆවුසි ඇතුළු නඩය මුළු රට හෙජින් උගුලේ හිර කළේය.


7) කබ්රාල්තුමා අපේ සල්ලි ග්‍රීසියේ බංකොලොත් බැංකුවකට පිනට දුන්නේය.


 8) අධ්‍යාපනය ඇමතියා Z ස්කෝර් එක අනාගෙන ළමයින්ගේ ජිවිත බිළි දුන්නේය.


9) වැඩබැරි දාස හෙවත් සුසිල් ප්‍රේමජයන්ත ඩීසල් බලෙන් මුළු රටේම වාහන ,කෝච්චි නැවැත්තුවේය.


10) ජුලම්පිටිය අමරේ මිනී මරා ගෙවල් ගිනිතියා ගෑනු  දුෂණය කොට පොඩි රෙස්ට් එකකට රිමාන්ඩ් හෝටලයට ගියේය.


11) අකුරැස්සේ සාරුවා තම සෙන්චරිය නිම කළේය.


12) පොලිසිය යකඩ හොරු ,  මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අතහැර දඹුලු ගලේ සිටි පෙම් ජෝඩු කුදලාගෙන පොලිසියට ගෙනාවෝය.


13) ජැක්සන් සෝමේ ඇතුළු කළා වියපරිකයෝ රෙදි ගලවා හෙළුවෙන් ආණ්ඩුවට කඩේ ගියෝය.


14) සුදුපාට වෑන් මිනිසුන්ට නොමිලේ චාරිකාවන් දුන්නේය.


15) සරසවි ආචාර්යවරු ඉගැන්වීම  නැවැත්තුවෝය. සරසවි සිසුන් නවකයන්ට කුණුහරප කීවෝය.


16)  මිනිස්සු ගාල්තැන්නේ කපුවාට ස්වර්ණමහල් රන් පවුම් පුජා කොට තව තවත්  දුගී වුහ.
  

 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails