Ads 468x60px

.

අපරාධකරුවන් බේරී යන සමාජයක සහ අක්‍රිය ප්‍රේක්ෂකයන් බවට පත් වූ ජනතාවක්

මිනී මැරුම් , ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර චෝදනා නිසා  තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් (සාරුවා)  සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක‍්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුනද තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්පට හදිසියේම එම අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව සභාපතිධූරයත් නැවත ලබාදීමට රජය විසින් තීරණය කොට තිබේ. 


මෙසේ අනුග්‍රහය ලැබු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කොට  ඔහුගේ පෙම්වතිය දූෂණය කල තිරිසනෙකි. මේ හදිසි තීරණය සඳහා  ශ්‍රීලනිපයේ තරුණ මන්ත්‍රීවරයෙක්  සිටින බවත් තංගල්ලේ මිනීමරුවා බේරා ගැනීමට ක්‍රියා කරන බවත් ශ්‍රීලනිප  අභ්‍යන්තර  ආරංචිමාර්ග පවසයි. 

මේ අනුව සෙන්චරි ස්ත්‍රී දුෂක වල් සරුවා වැන්නවුන් සමාව ලබා ලබන වසරේ පාර්ලිමේන්තු නියෝජනයට පැමිණියාට පුදුම විය යුතු නොවේ. ශ්‍රී ලංකාව යනු අපරාධකරුවන් බේරී යන සමාජයකි. මේ රටේ  ජනතාවක්  කියා කොටසක් නැත. පොල්  පිත්තක් ඉදිරිපත් කොට එයට චන්දය දෙන ලෙසට නියම කල විට පොල්  පිත්තට වුවද කතිරය ගැසීමට සැදී පැහැදී සිටින  නූගත්  විචක්ෂනශීලි භාවයක් නැති අක්‍රිය ප්‍රේක්ෂකයන් බවට පත් වූ ජනතාවක් මේ රට පූරා වැඩිපුරම සිටිති. 

එහෙව් රටක පාලකයන් අපරාධකරුවන් සමග බඩ පිනුම් ගැසීම අරුමයක් නොවේ. මෙවැනි කාලකන්නි රටක ජීවත් වීමට ප්‍රතික්ෂේප කරන අනාගතයක් පිළිබඳව සිහින දකින මිනිසුන් කෙසෙල් පහුරු වලින් හෝ සාගර තරණය කොට බටහිර රට වලට යාමට උත්සහ කරති. නමුත් ඒකටවත් මේ රටේ පාලකයන් සහ පොලිසිය ඉඩ නොදෙති.  

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails