Ads 468x60px

.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් හීරළුවෙක් -ජේ ඩී සී ජයසිංහ කියයි

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ  ලේකම්  ආචාර්ය චරිත හේරත් කඹුරුගොඩ සෝරත නමින් මහණ වී සිට සිවුරු ඇරිය හීරළුවෙක් බව එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන ) ලෙස කටයුතු කරන ජේ ඩී සී ජයසිංහ මහතා විසින් අමාත්‍යංශ  නිලධාරීන් පිරිසක් ඉදිරිපිටදී පවසා තිබේ. 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ් . බී ගනේගල මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට පත් වීමට ජේ ඩී සී ජයසිංහ  මහතා උත්සහ දැරූ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියකට ලිංගික අතවර කිරීම සහ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේදී සිසුවියක ගේ ශරීරය නොමනා ලෙසින් ස්පර්ශ කිරීමේ චෝදනා ලබා තිබෙන නිසා ජේ ඩී සී ජයසිංහ මහතා එම තනතුරට නුසුදුස්සෙකු ලෙස තීරණය වී  තිබේ. 


මේ නිසා ආචාර්ය චරිත හේරත් මෙම තනතුර සඳහා පත් කරන ලදී . ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධිය නිම කරන ලද චරිත හේරත් මහතා  ජේ ඩී සී ජයසිංහට වඩා සුදුසුකම් සපුරා තිබේ. 

නමුත් ආචාර්ය චරිත හේරත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ  ලේකම් තනතුරට පත් කිරීම ගැන කසුකුසුවෙන් අමාත්‍යංශයේ තැනින්  තැන තම අකමැත්ත ප්‍රකාශ කරන බවට එම අමාත්‍යංශයේ නිලධාරීහු වැඩිදුරටත් පවසති.

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails