Ads 468x60px

.

නිළි විනූගේ ඝාතනයේ මහ මොළකරු හෙළි වේ

සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වූ වීනු වෙත්තමුණි මහත්මියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට සොයා ගෙන ඇති බවත්, දැනට නිදැල්ලේ සිටින ප‍්‍රධාන සැකකරු ළඟදීම අත්අඩංගුවට ගන්නා බවත් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාල මහතා කියයි.

සති අන්ත පුවත්පතකට ඔහු මෙ බව පවසා තිබේ.

අදාළ ඝාතනයේ මහ මොළකරුවා අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් සුගතපාල මහතා පවසා ඇත.

සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වූ විනු වෙත්තමුණිගේ අබිරහස් ඝාතනය සම්බන්ධ මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ගල්කිස්ස පොලිසියට ලැබී නොමැති බවද මේ අතර වාර්තා වේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇය හා සමීප සබඳකම් පැවැත් වූ වතුපාලකවරයෙකු මීට ටික දිනකට ඉහතදී අත්අඩංගුවට පත්වූ අතර, ඔහු කලකට ඉහත දී ඇයගේ ඇසුරින් ඉවත් වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයිපැවසේ.

මේ වන විට ගල්කිස්ස අධිකරණය මගින්  එම වාර්තාව මීළඟ නඩුවාරයේ දී පොලිසියට භාර දීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.

චිත‍්‍රපට නිළි විනූ වෙත්තමුණි මේ වසරේ පෙබරවාරි 15 වැනිදා රාත‍්‍රියේ රත්මලාන බොරුපන පාරේ පිහිටි ඇය වාසය කළ නිවසේදී සපත්තු ලේස් පටියකින් ගෙල සිර කර ඝාතනය කර තිබිණි.

මෙලෙස ඝාතනය වූ විනූගේ නිවසේ කිසිදු භාණ්ඩයක් කොල්ල කෑමක් සිදුව නොතිබිණි.

විනීතා රංජනීසිල්වා නොහොත් විනූ වෙත්තමුණි මියයන විට 35 හැවිරිදි වියේ පසුවිය.

ඇය, 2008 වර්ෂයේදී සිනමා ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය වූයේ ‘සිහින දෙව්දුව’ චිත‍්‍රපටයේ චරිත නිරූපණය කිරීමත් සමඟිනිග එම චිත‍්‍රපටයේ නිෂ්පාදනයවිනූ වෙත්මුණිගේය.

සෝබන සේවය, සුවඳ පර නොවේ, ඉක්බිතිල අහසින් වැටුණු මිනිස්සු, වීදුරු බිත්ති, සුල මුල, සඳ ගිනි ගත් රාත‍්‍රියක්, කතුරු යකා සහ උදම් රැළි යන ටෙලි නාට්‍යයන් සඳහාද ඇය රංඟනයෙන් දායක වී ඇත.
 
Related Posts with Thumbnails