Ads 468x60px

.

මුදල් නැවත නොදීම හේතුවෙන් සුරංගි අතුරුදහන් වෙලා ලූ

ජනපි‍්‍රය නිවේදිකාවක් හා නිළියක් වන සුරංගි කොඩිතුවක්කු පුවත් පත් කලාවට සම්බන්ධව සිට ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට ඇතුළුවූ අයෙක් හා ස්වර්ණවාහිනියේ සේවය කරනු ලබන කිහිපදෙනෙකු සොයමින් සිටින බව වාර්තා වේ.

සුරංගිගේ දෙවැනි විවාහයට පෙර ඇය මුදල් ඉල්ලාගෙන නැවත නොදීම හේතුවෙන් මොවුන්සොයමින් සිටින බවපැවසේ.

පුවත්පත් ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයගෙන් මුදල් ඉල්ලාගෙන ඇත්තේ ඇගේ පියා අසනීප බව පවසමින් බවවාර්තා වේ.

ඇයගෙන් ඔහු මුදල් ඉල්ලන සෑම දිනයකදීම සුරංගි පවසන්නේ ඇගේ මෝටර් රථය රිය අනතුරකට ලක්වී ඇති බැවින් මුදල් දීම ටික දිනක් ප‍්‍රමාද වනු ඇති බව යැයි පැවසේ.

දුරකතනයට ඇමතුවකෙටි කාලයක් එකම දෙය පවසන ඇය පසුව එම දුරකථන අංකය ඉවත දමන බවවාර්තා වේ.

පසුව කෙසේ හෝ ඇගේ නව දුරකතන අංකය සොයාගත්තඇය පළමුවර ඉතා කුළුපගව පිළිතුරුදී කියා සිටින්නේද තමාගේ මෝටර් රථය රිය අනතුරකට ලක්වූ බවත් එහෙයින් මුදල්දීම ප‍්‍රමාද වනු ඇති බව යැයි පැවසේ.

කෙසේවුවද හැම දුරකතන අංකයටඇමතුම් දිය හැක්කේ කෙටි කලකට පමණක් බවවාර්තා වේ.

ඇය එයකෙටි කලකදී ඉවත දැමීම ඊට හේතුව බව පැවසේ.

සුරංගි නිවේදිකාවක් ලෙස මුලින්ම වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවේ ස්වර්ණවාහිනී නාලිකාවේය.

ඇය එහි වසර 08 කට ආසන්න කාලයක් නිවේදිකාවක් ලෙස සේවය කළ අතර ඇය වර්තමානයේ ජාතික රූපවාහිනීයේ සේවය කරමින් සිටී.

ඇය රූපවාහිනියට එක්වී මේවන විට දෙවසරක් පමණ ගෙවීගොස් ඇති අතර, වර්තමානයේ බ‍්‍රහස්පතින්දා නුගසෙවණ, සෙනසුරාදා පෙරවරුවේ චාට් ෂෝ, ලොතරැයි දිනුම් ඇදීම් හා තවත් වැඩසටහන් කිහිපයක් ද ඉදිරිපත් කරයි.

මීට අමතරව ඇය විමලරත්න අධිකාරි මහතාගේ සක්විත්තෝ ටෙලිනාට්‍යයේ ද රඟපෑවාය.

ඇය දෙවැනිවර විවාහවූයේ සූපවේදියෙකු වන සම්පත් එදිරිසිංහ සමඟය.

සම්පත්ගේ සම්බන්ධකම වසරක් පමණ තිබූ බවද පැවසෙන අතර ඔහු අවන්හලක හිමිකරුවෙකු ද වේ.

ඔහු කැනඩාවේ සිටි අයෙකු වන අතර, ඔහු අවංක හා අනුන්ගේ දේ නොසොයන්නෙක් බැවින් තමා ඔහු හා විවාහ වූ බවසුරංගි පුවත්පතකට පවසා තිබිණි.
 
Related Posts with Thumbnails