Ads 468x60px

.

උපන් දිනය දා අවසන් ගමන් ගිය රජරට සරසවි සිසුවිය.

කැම්පස් එකෙන් නිවාඩු අරන් ආවේ උපන්දින උත්සවය ගන්නයි...

දුවගේ උපන්දිනය යෙදී තිබුණේ අද (10 දා) දිනයේ. කැම්පස්‌ එකේ ළමයි උපන් දිනය සමරන්න තෑගිබෝග පවා ගෙදරට එවලා තිබුණා. 

නමුත් අද අපට සිද්ධ වුණේ දුවගේ අවමංගල කටයුතු සිදුකිරීමට යෑයි සාරියකින් නිවස තුළ ගෙල වැලලාගෙන මියගිය සරසවි සිසුවියගේ පියාවන ජෙගනාදන් මහතා අපත් සමඟ පැවසුවා.

රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ ජෙගනාදන් දිලුක්‍ෂි (23) සරසවි සිසුවිය ඉකුත්දා (08 දා) කහවත්ත වලව්වත්ත ප්‍රදේශයේ දී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබුනා.

මේ පිළිබඳ අප ඇය පදිංචිව සිටි නිවසට ගියවිට අප සමඟ අදහස්‌ දැක්‌වූ සිසුවියගේ පියා මෙලෙස
පැවසුවා.

මියගිය දියණිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයෙන් උපාධිය හැදෑරුවේ. බාල පුතා රුහුණු විශ්වවිද්‍යාලයේයි ඉගෙන ගන්නේ. මව වසන්තා කුමාරි කහවත්ත දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවයකරනවා මම වතු ක්‍ෂේත්‍රයේ නිලධාරියකු ලෙස සේවය කර මේ වන විට විශ්‍රාම ලබා සිටිනවා.

ජෙගනාදන් සිසුවිය පසුගියදා රජරට සරසවියෙන් නිවාඩු ලබා කහවත්තේ නිවසට පැමිණියේ උපන් දිනය සැමරීමටය. ටික කලක සිට ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පීඩා විඳි ඇය මියයන තෙක්‌ම ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය. සිද්ධිය වූ දිනයේ මියගිය දිලුක්‍ෂිගේ මව සේවය සඳහා විදුහලට ගොස්‌ සිටි අතර වෙනත් කිසිවෙක්‌ නිවසේ සිට නැති බව ප්‍රකාශ වේ.

ජෙගනාදන් සිය දියණියගේ උදේ ආහාර ගෙන ඒමට කහවත්ත නගරයට ගොස්‌ නිවසට ආවිට දොර ජනෙල් වසා තිබී ඇති අතර. පසුව සෝදිසි කිරීමේදී දියණිය ගෙල වැලලාගෙන සිටි බව දැක ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කහවත්ත මහ රෝහලේ අධ්‍යක්‍ෂ තිස්‌ස අයි. පෙරේරා මහතා නිගමනය කළේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය උත්සන්න වීමෙන් දරාගත නොහැකි වේදනාව මත සියදිවි නසාගන්නට ඇති බවයි.

දිලුක්‍ෂි සරසවි සිසුවියගේ මිතුරු මිතුරියන් විශාල පිරිසක්‌ ඇයගේ දේහයට ගෞරව දැක්‌වීමට නිවසට පැමිණ සිටියහ. දෙමාපියන්ගේ නෑ හිතමිතුරන්ගෙන් සමුගත් සරසවි සිසුවිය වන ජෙගනාදන් දිලුක්‍ෂි මෙනවියගේ අවසන් කටයුතු අද (10 දා) අවිස්‌සාවේල්ල කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
 
Related Posts with Thumbnails