Ads 468x60px

.

මේනක - නෙහාරව බැදලලූ...

දැනටමත් මේ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉවරයි...

පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ. 

මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප‍්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න. 

නෙහාරා මෑතකදී පුවත් පත් අකිරේකයකට කියලා තිබුනේ බඳින දවස හැමෝටම ප‍්‍රසිද්ධියේම කියනවා, බැන්දා කියල කියන කතාව බොරු කියලයි. නමුත් ඇත්තටම මේ වනවිටත්
මේ දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී හමාරලූ. දැන් ඉතිරිව ඇත්තේ සම්ප‍්‍රදායික මංගල කටයුතු සහ නෑදෑයින් හිතවතුන් සහ කලා ක්‍ෂෙත‍්‍රයේ අයට උත්සවය පැවැත්වීම පමණක්ලූ.

හොලිවුඞ් සහ බොලිවුඞ් වල දේවල් දැන් අපේ අයත් අනුගමනය කරන්න පටන් අරන්. මේවා හංගගෙන කරන්න පුළුවන් දේවල් නෙමේ. පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවා කියලා මාධ්‍ය හෙළි කරනකොට 'නැහැ,අපි හොඳ යාළුවො විතරක් කියලා කියනවා'. ඊට පස්සෙ පිළිගන්නවා 'අපි එකිනෙකාව තේරුම් අරන් පෙම්වතුන් බවට පත්වුණා කියලා.

අපේ කට්ටිය දැන් මේ වගේ දේවල් පුරුදු බවට පත් කරගෙන. ඒත් ඉතින් මාධ්‍යකරුවන්වත්, පේ‍්‍රක්‍ෂකයොන්වත් මෝඩයන් නොවන බවනම් තේරුම් ගැනීම වටිනවා, මාධ්‍ය සහ ජනතාව නැතිනම් මේ කාටවත් ජනප‍්‍රිය තරුවෙන්නත් බැහැ. ජනතාව අතරට යන්නත් බැහැ.
 
Related Posts with Thumbnails