ආණ්ඩුවෙන් ගෙවල් හිඟමන් අයදින ලාංකික කලාකරුවා

ලංකාවේ ඕනෑම කලාකරුවෙකු දෙන මාධ්‍ය සාකච්ඡාවක් දෙස බලන්න. සාකච්ඡාව අවසානයේ කලාකරුවා ආණ්ඩුවෙන් පිනට ගෙයක් අයදියි.  

ශරීර සනීපය හොඳින් තියන කාලයේ මුදල් හම්බ කරන මොවුන් බොහෝ දෙනෙකු දෙයක් දොරක් ගැන හිතන්නේ විශ්‍රාම යන විටය. ඒ අතින් බලන කල වැසිකිලි අමදින කම්කරුවා මේ ලාංකික කලා කරුවන්ට වඩා අදීන බැවින් යුක්තය. 

ඔහු පොඩියට ටකරන් වලින් හෝ ගෙයක් අටවා ගනී. ඔහු ආණ්ඩුවෙන් හෝ වෙනත් බලධාරියෙකුගෙන් ගෙවල් හිඟමන් යදින්නේ නැත. ඒ අතින් බලන විට ලාංකික කලා කරුවාට වැසිකිලි අමදින කම්කරුවාගෙන් බොහෝ දේවල් ඉගෙන ගැනීමට තිබේ.

- අමිල  ගුණරත්න