Ads 468x60px

.

අභ්‍යවකාශයේ ඇවිද්ද ගගනගාමියාගේ හෙල්මටයෙන් ජලය කාන්දු වෙයි

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ ඉතාලි ජාතික ගගන ගාමියකු පෙරේදා අභ්‍යවකාශයේ ඇවිදීමේ ක්‍රියාවලියක නිරතව සිටිය දී ඔහුගේ හෙල්මටයෙන් ජලය කාන්දු වීම නිසා වහා එම ඇවිදීමේ ක්‍රියාවලිය අත්හිටුවිමට නාසා ආයතනය පියවර ගෙන ඇති අතර මෙසේ ජලය කාන්දුවීම ඉන්ජිනේරු වන්ගේ විමතියට හේතු වී තිබෙනවා.

ඉතාලි ජාතික ගගනගාමි ලුකා පාමිටානෝ ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීමේදී සිය හිස පිටුපස ජලය එක්වන අයුරක් දැනෙන බවට වාර්තා කර
තිබෙනවා. ඒ මොහොතේම ඔහු‍ට කිසිවක් නොපෙනී යාමත් කතා බහට හෝ ඇසීමට නොහැකිවීමත් නිසා වහා නැවතුම්පොළට ගැනීමෙන් පසු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

මෙවන් අර්බුදකාරි තත්ත්වයක් මින් පෙර ඇති නොවූ බව පවසන අමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය මෙසේ ජලය කාන්දුවීමට හේතුවිය හැක්කේ ගගනගාමින් විසින් හෙල්මටයේ ගෙනයන පානීය ජල බෑගය සිදුරු වීම විය හැකියැයි කියා ඇත. 


තවද අභ්‍යවකාශ ඇඳුමේ සිසිලන පද්ධතියෙන් දියර ගැල්මක් ඇති විය හැකි බවද පැවසී තිබේ. කෙසේවෙතත් තේරුම්ගත නොහැකි අර්බුදයක් මතුවී ඇති බව ඉන්ජිනේරුවන් පවසා ඇත. ජලය කාන්දුවීම දිගටම පැවතියේ නම් ගගනගාමියාට හුස්මගත නොහැකිවී‍මේ අවදානමක් පැවති බවද ඔවුහු කියති.

පාමිටානෝ පැය 6 කුත් විනාඩි 15 ක අභ්‍යවකාශ ඇවිදීමක නිරතව සිටිය යුතුව තිබුණු නමුදු ජල කාන්දුව හේතුවෙන් පැයකුත් විනාඩි 32 කින් පසු ගමන නැවැත්වීමට ‍ඔහු‍ට සිදුවිය . කු‍ටියට පැමිණීමෙන් පසු හෙල්මටය ගලවත්ම කාන්දුව තිබුණු ජල කොටස් පාවී යනු දක්නට ලැබී තිබේ.
 
Related Posts with Thumbnails