
සැකකාරිය ළඟ තිබී එම මත්ද්‍රව්‍ය පැකට් 05ක් ද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා හා කොට්ඨාස ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර මූලස්ථාන පොලිසියට ප්‍රසිද්ධ විද්‍යාලයක සිසුන් කිහිප දෙනකු මත්ද්‍රව්‍යයක් පානය කර සිහිමද ගතියෙන් සිටින බවට ලැබුණ තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර තිබෙනවා.
විද්‍යාලය ආසන්නයේ පවත්වාගෙන යන පෙට්ටි කඩයක හිමිකාරියක් වන මේ තිස් හැවිරිදි කාන්තාව කලක සිටම පාසල් ළමයින්ට විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කර තිබෙනවා. ලැබුණ තොරතුරු මත එහි ගිය පොලිසිය සැකකාරිය පාසල් සිසුන් දෙදෙනකුට විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරද්දී සැකකාරිය අත්අංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ලබාගැනීමට පැමිණි පාසල් සිසුන් දෙදෙනාට දැඩි ලෙස අවවාද කර මුදාහැර තිබෙනවා.
එම සිසුන් දෙදෙනා අදාළ විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියේ හා 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවද වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් පැවසුවා. මේ කාන්තාව පාසල් බස් රථවල රියදුරන්ට හා කොන්දොස්තර වරුන්ට මීට පෙර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති අතර ඉන් පසුව පාසල් සිසුන්ට ද මේ මත් බෙහෙත් අලෙවි කිරීමට පෙලඹී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
