Ads 468x60px

.

මාලකට ගැහුවේ ආරක්‌ෂක අංශයෙන්ද - බූට්‌ සපත්තු, ඩිපෙන්ඩර් ජීප් කාගේද..?

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු සංකීර්ණය ඉදිරිපිටදී එල්ල කළ ප්‍රහාරය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඔහුට එල්ල කළ ප්‍රහාරය පිටුපස කිසියම් ආරක්‌ෂක අංශයකට සම්බන්ධ සාමාජිකයන් පිරිසක්‌ සිටින බවට පොලිසිය සැක පහළ කරනවා. සංවිධානාත්මක කණ්‌ඩායම මෙම ප්‍රහාරය එල්ල කළ ආකාරය සහ ඔවුන් එහිදී හැසිරුණු ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී ඊට පළපුරුදු ආරක්‌ෂක අංශ සාමාජිකයන් පිරිසක්‌ හවුල් වූ බවට සැක මතුවී තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු ආරක්‌ෂක අංශ පාවිච්චි කරන බූට්‌ සපත්තුවලට සමාන බූට්‌ සපත්තු පැළඳ සිටි බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී
තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වූ අවස්‌ථාවේ ඔඩෙල් සාප්පු සංකීර්ණය ඉදිරිපිට සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල ඒ දර්ශන සියල්ල රූපගතවී තිබූ බව පොලිසිය පවස
නවා. ප්‍රහාරය එල්ල කරන ආකාරය එහි සටහන්ව තිබුණ ද මාලක සිල්වාට පහර දුන් පුද්ගලයන්ගේ මුහුණු නිවැරදි ලෙස හඳුනා ගත නොහැකි බව ද පොලිසිය කියා සිටිනවා.

මෙම කැමරාවල සටහන්ව තිබූ දර්ශන වැඩිදුර පරීක්‍ෂාවට මොරටුව විශ්වවිද්‍යාලය වෙත ලබාදීමටද පොලිසිය කටයුතු කර
තිබෙනවා. සංවිධානාත්මක කණ්‌ඩායම මාලක සිල්වා ඔඩෙල් සාප්පු සංකීර්ණයෙන් පිටතට පැමිණෙනතුරු සෑහෙන වේලාවක්‌ එය ඉදිරිපිට රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පිරිස පැමිණි කළු පැහැති ඩිපෙන්ඩර් ජීප් රථය පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි. එහි සවිකර තිබූ අංකය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජීප් රථයකට සමාන ව්‍යාජ ලෙස සකස්‌ කළ අංක තහඩුවක්‌ බව ද හෙළිවී
තිබෙනවා.

එම අංක තහඩුව සහිත ජීප් රථය අලුත්වැඩියාව සඳහා මාස කීපයක සිට ගරාජයක තිබෙන බව ද අනාවරණය වී
තිබෙනවා. පොලිසිය පවසන අන්දමට මෙම සංවිධානාත්මක පිරිස උත්සාහ කර ඇත්තේ මාලක සිල්වා ඩිපෙන්ඩර් ජීප් රථයට ඇදගෙන ගොස්‌ එහි දමාගෙන පැහැරගෙන යැමටය.

එහෙත් මාලක සිල්වා ඔවුන් සමඟ පොර බදද්දී සංවිධානාත්මක පිරිස ඔහුට පහරදී ඇති බව ද පොලිසිය පවස
නවා. ප්‍රහාරයට ලක්‌වූ මාලක සිල්වා කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මාලක සිල්වා මීට පෙර එක්‌ අවස්‌ථාවකදී පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සමඟ ආරවුලක්‌ ඇතිකරගෙන තිබූ අතර තවත් අවස්‌ථාවකදී හමුදා බුද්ධි අංශයේ උසස්‌ නිලධාරියකු සමගද ආරවුලක්‌ ඇතිකර ගත්තේය. 


මෙම සිදුවීම් සහ මාලක සිල්වාට ප්‍රහාරයක්‌ එල්ලවීම අතර සම්බන්ධයක්‌ තිබේද යන්න පිළිබඳව පොලිසිය සොයා බලාගෙන යයි. කොළඹ අපරාධ කොට්‌ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

පෙම්වතියත් එක්ක ෂොපින් කරද්දී මාලකට පහර දුන්නේ කවුද...?
ගුටි කෑ මාලක ෆේස්බුක්වලින් පහර දෙයි
 
Related Posts with Thumbnails