Ads 468x60px

.

කාන්තාවක් වාස්ගේ ඇඟට කඩා පනින අතරේ වාස්ගේ පුතා අතුරුදහන් !

උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් පසු, ඔහුව බන්ධනාගාර බස් රථය වෙත ගෙන යද්දී බාහිරින් පැමිණි කාන්තාවක් දැඩි ආවේගයෙන් යුතු ඔහුට චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

තම පුතා මරා දැමීම සම්බන්ධයෙන් එම කාන්තා වාස් ගුණවර්ධන මහතාට චෝදනා කළා.

සංද්‍යා ප්‍රියදර්ශනී වන ඇය මාධ්‍ය වෙත අදහස් කරමින් පවසා සිටියේ, තම පුතා වන සිරිධර්ම මාවතේ පදිංචි වී සිටි සදුන් ලසිත කුමාර විතානගේ 2009 වසරේදී යම් කිසි ඉඩම් ආරවුලක් මත අත් අඩංගුවට ගෙන සතියක් පොලිස් අත් අඩංගුවගේ තබා ගැනීමෙන් අනතුරුව පොලිස් භාරයේ සිටියදී මරා දමා තිබු බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුයේ, 2009 වසරේදී මේ සම්බන්ධව නඩුවක් ගොනු කලද මේ වන තෙක් නඩුව අවසාන වී නොමැති බවයි.

මෙම අවස්ථාවේදී ඇයගේ කථාවට බාධා කරමින් එහි පැමිණි කණ්ඩායමක් ඇය සමග බහින්බස් වීමක් ඇති කරගන්නා ලද අතර අනතුරුව පොලිස් භටයන් මැදිහත්වී පිරිස විසිරුවා හරිනු ලැබුවා.

මේ අතර ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන ද සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු බවත් ඔහු සොයාගැනීමට නොහැකිවී ඇතැයිද රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දන්වා සිටියේය.

රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තවදුරටත් කියා සිටියේ, සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා දින 3ක් ඔහුගේ නිවසට ගිය නමුත්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිද ඊට ඉඩ ලබා නොදී පරීක්ෂණවලට බාධා එල්ල කළ බවයි.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, තම සේවාදායකයාගේ පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද නියෝගයක් ලබාදුනහොත් හෙට (10) ඒ සදහා කටයුතු කරන බවයි. එහෙත් රහස් පොලීසිය තම සේවාදායකයාගේ නිවසට පැමිණියේ ඔහුගේ පුත‍්‍රයා සොයා නොව වෙනත් කරුණුවලට බව ද නීතිඥවරුන් පෙන්වා දුන්නේය.

මේ අතර, රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව ජිප් රියේ තිබූ ලේ මිනිස් ලේ බවට හෙලිවී ඇති බවද ඔහු කීය. එම ලේ සියාම්ගේ දැයි සොයා බැලීමට ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් පැවැත්වීමට යොමු කර ඇතැයි ද අබේසේකර මහතා සදහන් කළේය.

එසේම මේවන විට සොයාගත් අවියක උණ්ඩ කිහිපයක අඩුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු සඳහන් කළේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රස්ත මර්දන පනත යටතේ ප්‍රශ්න කිරීම නීති විරෝධී බවයි.

ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පිලපිටිය මහතා රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් විමසු විට ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ගෙන අධිකරණයට දන්වන බව කීය.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව මත වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
WomenVass 600px1 13 07 09
WomenVass 600px2 13 07 09
VassCourt 600px8 13 07 09
VassCourt 600px7 13 07 09
VassCourt 600px6 13 07 09
VassCourt 600px5 13 07 09
VassCourt 600px4 13 07 09
VassCourt 600px3 13 07 09
VassCourt 600px2 13 07 09
VassCourt 600px1 13 07 09
 
Related Posts with Thumbnails