පකිස්තානය තහනම් කළ කොන්ඩම් ඇඩ් එක මෙන්න !

ලෝකයේ හයවැනි වැඩිම ජනගහනය සිටින පාකිස්තානයේ රජය විසින් උපත් පාලන කොපුවක් සම්බන්ධ වෙළෙද දැන්වීමක් ප්‍රදර්ශනය පසුගියදා තහනම් කිරීම මේ දිනවල විදෙස් පුවත්වල වැඩි කතාබහට ලක්ව තිබෙනවා. මේ වෙළෙද දැන්වීම තහනම් කරනු ලැබුවේ පාකිස්තානයේ විද්‍යුත් නියාමන අධිකාරිය විසිනුයි. 

(Pakistan Electronic Media Regulatory Authority) අදාල උපත් පාලන කොපුව හදුන්වාදී තිබුණේ එච්.අයි.වී. ඒඩ්ස් නිවාරණ වැඩසටහනක් යටතේ ඩී.කේ.ටී ඉන්ටර්නැෂනල් සමාගම විසින් ලාභ ඉපැයීමේ බලා පොරොත්තුවකින් තොරවය.

ඔවුන් උපත් පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙය හදුන්වා දී තිබුනා.

අදාල දැන්වීමෙන් ලිංගික උත්තේජනයක් සපයන බවට චෝදනා කරමින් එම දැන්වීම පාකිස්තානයේ විද්‍යුත් නියාමන අධිකාරිය තහනම්කර තිබෙනවා. සුපිරි නිරූපන ශිල්පිනී මතීරා මොහොමඩ් මෙම දැන්වීමේ පෙනී සිටී. මේ වෙළෙද දැන්වීම තනා ඇත්තේ ජොෂ් නම් උපත් පාලන කොපුවක් වෙනුවෙනි.
කෙසේවුවද වර්තමානයේ පාකිස්තානු ජනගහනයෙන් 27% ක ප්‍රතිශතයක් උපත් පාලන කොපු භාවිතා කරන බව පැවසෙනවා.

වෙළෙද දැන්වීම මෙතනින් නරඹන්න