Ads 468x60px

.

ගහෙන් වැටුණු මිනිහට ගොනා අනියි - පොල් කඩන්න ගසට ගොස්‌ පැය දෙකක්‌ පොල් ගහේ...

මහත්තයෝ මට පොල් ගහෙන් 
බහින්න බැහැ...

මගේ කකුලේ කෙණ්‌ඩා පෙරළුණා...

පංචිකාවත්ත ප්‍රදේශයේ මුඩුක්‌කු නිවාස පෙලක්‌ අතරේ වූ අඩි 35 ක්‌ උසැති පොල් ගසකට (06 දා) නැගි පොල් කඩන පුද්ගලයකු එම ගස මතදී ඔහුගේ පාදයක මස්‌ පිඩු පෙරළීම නිසා ගසෙන් බැසගත නොහැකිව පැය දෙකක්‌ හිඳීමේ සිද්ධියක්‌ අප වෙත වාර්තා වාර්තා වුණා.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහුගේ වෘත්තිය පොල් කැඩීමය. මෙම පුද්ගලයා 33 හැවිරිදි මාලිගා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. 2013.07.06 වැනිදා සවස මොහු පොල් කඩනවා කියමින් ගොස්‌ තිබෙනවා. ඒ යන අතරේ පංචිකාවත්ත ප්‍රදේශයට ද ඔහු ගොස්‌
තිබෙනවා. මුඩුක්‌කු පෙලක්‌ අතරින් යන විට එම නිවැසියකු පොල් කඩා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඔහු පොල් ගසකට නැග
තිබෙනවා. පොල් ගසට නැගීමෙන් පසු ඔහුගේ පාදයක මස්‌ පිඩු පෙරළී තිබෙනවා. "මහත්තයෝ මට පොල් ගහෙන් බහින්න බැහැ. මගේ කකුලේ කෙණ්‌ඩා පෙරළුණා" යෑයි පොල් කඩන්නා නිවැසියාට පවසා තිබෙනවා.

පසුව ප්‍රදේශයේ පුද්ගලයකු බාම් සහිත කුප්පියක්‌ අතැතිව පොල් ගසට නැග පොල් කඩන අයගේ පාදයේ ගා තිබේ. එහෙත් එම පොල් කඩන පුද්ගලයාට පොල් ගසෙන් බැසීමට හැකිවී නැත.

පසුව මෙම සිද්ධිය සැලවී මරදාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලූෂන් සූරියබණ්‌ඩාර මහතා විසින් සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩබ්. ඩබ්. සී. ආර්. විඡේරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ එතනට යවා ඇත.

නිලධාරීහු ද එම ස්‌ථානයට සවස 3.45 ට පමණ ගිය ද පොල් කඩන පුද්ගලයා බස්‌සවා ගත නොහැකි විය. පසුව පොලිසිය කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථයක්‌ ගෙන්වා ගත්ත ද එයට ද පොල් ගස පිහිටි ස්‌ථානයට යැමට ඉඩකඩ ප්‍රමාණවත් නොවීය.

මේ නිසා වෙනත් රථයක්‌ ගෙන්වා ඒ තුළ වූ බකට්‌ටුව මුඩුක්‌කු නිවාස වලට ඉහළින් පොල් ගසට යවා ඔහු බිමට ගනු ලැබීය. මෙම සිද්ධිය දැක බලාගැනීමට ප්‍රදේශ වාසීහු විශාල පිරිසක්‌ එක්‌රොක්‌ වී සිටිනු දැකගත හැකි විය.
 
Related Posts with Thumbnails