Ads 468x60px

.

හාමුදුරුවරු තුන්දෙනෙක් දෙමටගොඩ මස් මඩුව ඉදිරිපිටදි මස් ලොරියකට ගිනි තියලා..

මුරකරුටත් තර්ජනය කරලා...

ආරක්‍ෂිත කැමරා දර්ශන මත පරීක්‍ෂණ..

කොළඹ මහ නගර සභාවට අයත් දෙමට ගොඩ පිහිටි මස් මඩුව ඉදිරිපිට නතර කර තිබුණු මස් ප‍්‍රවාහනයට යොදා ගන්නා ලොරියකට 16දා අළුයම කැබ් රථයකින් පැමිණි සිව්රු ඇගලාගත් පිරිසක් ගිනි තබා පළාගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසනවා. 

සිව්රු ඇගලාගත් තිදෙනෙක් බාලිදියකින් රැගෙන පැමිණි ඉන්ධන ලොරි රථයට විසිකර ගිනි තැබූ බව මස් මඩුවේ මුරකරු
පොලිසියට පවසා තිබෙනවා. සිව්රු හැදි අය කවුරුන්දැයි විමසීමේදි ඒ අය තමන්ටද තර්ජනය කළ බව මුරකරු පොලිසියට පවසා තිබෙනවා

ලොරි රථයට ගිනි තැබීමෙන් පසු ඒ අය බේස්ලයින් මාර්ගය ඔස්සේ දෙමටගොඩ දෙසට පළාගොස් තිබෙනවා. කැබ් රථයේ අංකයක් මෙතෙක් පොලිසියට ලැබී නැත. කොළඹ නගරයේ සවිකර ඇති ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්‍ෂා කරමින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බව දෙමට ගොඩ පොලිසිය සඳහන් කරනවා.
 
Related Posts with Thumbnails