Ads 468x60px

.

පදවිය පොලිසියේ ස්ථානාධිපති, තීන්ත අවුලකට මාධ්‍යවේදී උපාලි ආනන්දට තර්ජනය කරලා.

උඹලා තවත් පිටු ගණන් පත්තරවල ලියපල්ලා...

මමත් ඉන්නේ පොලිස් දෙපාර්ත මේන්තුවේ තමයි... 

ඉස්සරහට බලාගනිමු කියලා...

පදවිය පොලිසියේ ස්ථානාධිපති සුමිත් චන්දන මහතා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලිඛිත පැමිණිල්ලක් කොට තිබෙනවා.

මාධ්‍යවේදී ආනන්ද මහතා පොලිස්පතිවරයාට කළ එම පැමිණිල්ලේ තව දුරටත් සඳහන් වන්නේ පදවිය පොලිස් ස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දින ජාතික පුවත්පත් දෙකක පළවී තිබූ ප්‍රවෘත්ති දෙකක් පදනම් කරගනිමින් පදවිය පොලිසියේ ස්ථානාධිපති වරයා මේ තර්ජනය සිදුකළ බවයි.

පදවිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පෙරේදා (16දා) පෙරවරු 8.37ට පමණ ඔහුගේ ජංගම දුරකතනයෙන් තමාගේ ජංගම දුරකතනයට අවස්ථා දෙකක් අමතා මේ තර්ජනය සිදුකළ බවද පොලිස්පතිවරයාට දන්වා ඇති උපාලි ආනන්ද මහතා 'උඹලා තව තවත් පිටු ගණන් පත්තරවල ලියපල්ලා. මමත් ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ තමයි. ඉස්සරහට බලාගනිමු' යනුවෙන් සහ තවත් විවිධ චෝදනා කරමින් මේ බැන වැදීම සහ තර්ජනය කළ බවද සඳහන් කර
නවා.

පදවිය පොලිසිය සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දින ජාතික පුවත් පත්වල පළවී තිබූ කිසිදු ප්‍රවෘත්තියක් තමන් විසින් වාර්තා නොකර තිබියදී පොලිස් ස්ථානාධිපති වරයා මෙලෙස නීති විරෝධීව සහ විනය විරෝධීව තමන්ට දුරකතනයෙන් තර්ජනය කිරීම පොලිස් ස්ථානාධිපති වරයකුට තරම් නොවටිනා බවද පොලිස්පති වෙත යැවූ ලිපියේ සඳහන් කොට
තිබෙනවා.

කුමන හෝ මාධ්‍යවේදියකු වාර්තා කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැනනඟින්නේ නම් ඊට ප්‍රතිචාර දැක්විය යුතු නීතිමය ක්‍රම වේදයක් තිබියදී ඒවා සියල්ල පසෙකලා පදවිය පොලිසියේ ස්ථානාධිපති වරයා මෙලෙස තමන්ට තර්ජනය කිරීම මුළුමනින්ම නීතියට පටහැනි බවද සඳහන් කර ඇති උපාලි ආනන්ද මහතා පදවිය පොලිසියේ ස්ථානාධිපති වරයා විසින් තමන්ට සිදුකළ මේ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසද පොලිස්පති වරයාගෙන් ඉල්ලා
තිබෙනවා.

පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලේ පිටපත් උතුරු මැද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරු වෙතද යොමුකර
තිබෙනවා.
 
Related Posts with Thumbnails