Ads 468x60px

.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් හින්දා ගින්දරෙන් පුච්චලා..

ශරීරයට උණු වතුරත් වක්කරලා...

බගවන්තලාව චැම්පියන් වත්තේ තරුණ සුන්දර මවක් සිය අවුරුදු එකහමාරක සිඟිති දියණිය රෙදිවලින් ඔතාගෙන පළාතේ රෝහල වෙත ගොස් තිබෙනවා. 

දැරිය අධික උණ රෝගයෙන් පෙළුණු අතර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඇයගේ ශරීරය තුළ බරපතළ තුවාල ඇති බවයි.

මව‍ගේ දැඩි අකමැත්ත මත දරුවා පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරුන් හෙළි කරගෙන ඇත්තේ ඇයට මාරාන්තික තුවාල ඇති බව
යි. මේ දරුවාට පහර දී‍ උණුවතුරෙන් හා ගින්දරෙන් ඇය පුළුස්සා ඇත්තේ මවගේ හොර සැමියායි.

හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් වී ඇති බැවින් මෙබඳු අපරාධයක් කර ඇති බව හෙළිදරව් වෙනවා. සිඟිති දියණියගේ තත්ත්වය බරපතළ
යි. හොර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ පහරදීමකින් දරුවාගේ දතක්ද ගැලවී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

ශරීරයට උණු වතුර වක්කිරීමෙන් හා ගින්දරින් කළ පිළිස්සුම් තුවාල හේතුවෙන් ඇති වූ වේදනාව සමඟ දරුවාට උණ රෝගී තත්වයක් ඇතිවීම නිසා දරුවාගේ මව ඉකුත් 16 දා බගවන්තලාව මූලික රෝහලට දරුවා රැගෙන විත්
තිබෙනවා.

ශරීරයේ තුවාල පිටතට නොපෙනෙන සේ දරුවා රෙදි කඩවලින් ඔතා වෛද්‍යවරුන්ට ද සැබෑ තත්ත්වය වසන්කර මව සාමාන්‍ය උණ තත්ත්වයක් කියා එදින රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් දරුවාට ප්‍රතිකාර ගෙන පිටව ගොස්
තිබෙනවා.

පසුදින උණ තත්ත්වය උත්සන්න වීම නිසා යළිත් 17 දින දරුවා රෝහලට රැගෙන ආ අවස්ථාවේ ‍තත්ත්වය බරපතළ වූයෙන් වෛද්‍යවරු නේවාසික ප්‍රතිකාර සඳහා දරුවාව රෝහලට ඇතුලත් කර
තිබෙනවා.

එහිදී දරුවාගේ ශරීරයේ තිබූ පිළිස්සුම් තුවාල පිළිබඳ මවගෙන් විමසූ අවස්ථාවේ ඇය අනියම් සැමියා දරුවාට නිතර පහරදී ශරීරයට උණුවතුර වක්කර ගින්දරින් පිළිස්සූ බව පවසා
තිබෙනවා.

ඒ ඔස්සේ පරීක්ෂණ කළ බගවන්තලාව පොලිසිය අදාළ වතුයායේ පදිංචි වතු කම්කරුවකු සිද්ධිය සම්බන්ධයෙන් පෙ‍රේදා (17) අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

ශරීරයේ පවතින පිළිස්සුම් තුවාල මගින් විෂබීජ ඇතුළු වීම නිසා දරුවාට අධික උණ තත්ත්වයක් පවතින බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවාව නාවලපිටිය මූලික රෝහලට මාරුකළ බව බගවන්තලාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා පවසනවා.

දරුවාගේ පියා මව හැරගොස් තිබෙන අතර අනියම් සැමියා මේ දරුවාට නිතර පහර දෙන බව මව පොලිසියට පවසා
තිබෙනවා. වයස මාස 6ක බිළිඳෙකු ද තමන්ට සිටින බවත් එම දරුවාට අනියම් සැමියා දැඩි ආදරයක් දක්වන බවත් ඇය පවසා තිබෙනවා.
 
Related Posts with Thumbnails