Ads 468x60px

.

මින් පස්සේ 'කලා ID' එක නැත්නම් ඒකා කලා කරුවෙක් නෙවෙයි.

කලා කරුවන් පිරිසට මේ වන විටත් දැනුම් දීලා...

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රවීන කලා කරුවන් හදුනාගැනීම සදහා සම්පාදනය කරනු ලබන ජාතික හැදුනුම්පත් ප්‍රධානෝත්සවය ජුලි 29 වන දින පස්වරු 2.30 පැවැත්වීමට නියමිතයි.

මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටි.බි ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රගහලේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ආරම්භක අවස්ථාවේදී කලාකරුවන් 500 දෙනෙකුට මෙය සංකේතවත් කිරීම සදහා හැදුනුම්පත් ලබා දීමට නියමිතයි.


මේ සදහා අයදුම් කළ සුදුසුකම් ලත් කලා කරුවන් පිරිසකට ඉදිරියේදී හදුන්නුම්පත් ලබා දීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත. එදින හැදුනුම්පත් ලබා ගන්නා කලා කරුවන් පිරිසට මේ වන විටත් දැනුම් දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

මේ නව සංකල්පය මත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන හැඳුනුම්පත නැති නම් ඒකා ජනමාධ්‍යවේදියකු නොවන්නා සේ 'කලා හැඳුනුම් පත' නැති එකා කලාකරුවකුද නොවන්නේය.
 
Related Posts with Thumbnails