Ads 468x60px

.

පාලංකඩ හීනා අපරාධකාරයෙකු වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ වරදින්...

අරුණ ගමගේ සුගත් චාමින්ද නොහොත් පාලංකඩ හීනා ගේ උපන්ගම වනුයේ දික්වැල්ල පොලිස් වසමේ මුල්කිරිගල පාලංකඩය. 

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් පහක් සම්මාන තුනක් සමග සමත්ව ඇත. ජීවිකාව ලෙස ඔහු කර ඇත්තේ ගොවිතැන් හා කුලී වැඩයි.

මේ කාලයේ ඔහුගේ සොහොයුරිය ප්‍රදේශයේ දාමරිකයෙකු විසින් දූෂනය කොට තිබේ. මෙම අතවරය ගැන පොලිසියට පැමිණිලි කලද ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ මැදිහත් වීම නිසා පොලිසිය විසින් එම පැමිණිල්ල යට ගසා ඇත​. 

මේ නිසා අවසානයේදී  නීතිය අතට ගත් පාලංකඩ හීනා  තම සොහොයුරි යට අතවර කල දූෂකයා මරා දැමීමට හවුල් වී අපරාධ ලෝකයට එකතු වේ. ඔහු විසින් කරන ලද  මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි.

මේ සියල්ලම ඇරඹෙන්නේ පොලිසියේ අසමත්භාවය සහ දේශපාලක යන්ට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම අත් හිටවීම මතය​.

මේ ගැන පාලංකඩ හීනා පවසනේ මෙසේය (උපුටා ගැනීම ලංකාදීප පුවත්පත​) මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට

ඇදගෙන ගිහින් අතවර කර තිබුණා. 

මැදකොරටුවේ කළුවා කියන්නේ ඒ කාලයේ ගමේ ලොකු චණ්ඩියෙක්. ගමේ හැමෝම වාගේ එයාට බයයි. හමුදාවේ සේවය කරමින් ඉද්දී පැනලා ආපු අයෙක්. කළුවාගේ මේ වැඬේ හින්ද අක්කාගේ බඬේ දරුවෙක් පිළිසිඳ ගත්තා. 

අක්කාට බබා ලැබුණාට පස්සේ මම කළුවා සොයාගෙන ඔහුගේ ගෙදරට ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර වෙනවා. ඉස්කෝලෙ යන කොල්ලෙක් අක්කාට තිබුණ ආදරය නිසයි මම දාමරිකයෙක් වුණත් කළුවා සොයාගෙන ගියේ.

මගේ අක්කාට බබෙක් ලැබුණා. එයා දුවක්. කළුවා අයියේ ඔයා ඇවිත් ඒ බබාව තාත්තා විදියට නම දෙන්න කියා ඉල්ලීමක් කළා .අක්කා වෙනුවෙන් මා මේ ඉල්ලීම කළා විතරයි කෝපයට පත්වූ කළුවා මට දිගට හරහ හොඳ හැටි පහර දුන්නා. 


පහර කාගෙන මම ගෙදර දුවගෙන ඇවිත් අම්මාට කළුවා මට හොඳටම ගැහැව්ව බව කිව්වා. අම්මා මගේ ඔළුව අතගාමින් ඇඬුවා. මට හරියට අපි ගැනම දුක හිතුනා.

ඊට පස්සේ කළුවා මට දකින දකින තැන්වලදී පහර දෙන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් උඹලා සේරම මරනවා කියා මට තර්ජනය කළා. එතකොට අක්කාගේ දුවගේ වයස අවුරුදු තුනක් විතර ඇති. කළුවා අක්කාගේ දුව මරන්න ? ගෙදරට පැන්නා. 


මම අක්කාගේ දුව වඩාගෙන කැලේ පැනලා හැංගුනා. කළුවාට දුව මරාගන්න එදා බැරිව ගියා. මම එහෙම නොකරන්න එදා කළුවා එයාගේ ලෙයින්ම බිහිවුන දරුවා මරා දමනවා. ඒකෙ දෙකක් නැහැ. කළුවා කියන්නේ කිසිම අණක් ගුණක් නැති එකෙක්. මේ සිද්ධියෙන් පස්සේ අක්කාවයි පොඩි එකාවයි කොළඹ පිටත්කර යැව්වා.

කළුවාගෙන් නිතර නිතර අපේ පවුලේ අයට සිදුවන හිරිහැර ගැන අම්මා ආමි ජිනේගේ කකුල් දෙක අල්ලා වැඳලා කිව්වා. ආමි ජිනේ අම්මාගේ ඥාතියෙක් වෙනවා. මේ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ. 


ආමි ජිනේ මගෙන් ඇහැව්වා උඹ වෙඩි තියන්න ඉගෙන ගන්න කැමති ද කියා. මම ඔව් කියා කිව්වා. ආමි ජිනේ මාව කැලේකට එක්කගෙන ගියා. පතරොම් තුවක්කුවක් අතට දීලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කළා. ගස් ගල්වලට වෙඩි තිය තියා තමා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වුණේ. මුලින්ම බයෙන් බයෙන් තමා වෙඩි තිබ්බේ.

වෙඩි තියන්න පුහුණු වුණාට දින තුනකට විතර පස්සේ මමයි ආමි ජිනේයි කළුවාගේ ගෙදරට රෑක ගියා. ආමි ජිනේ මට පතරොම් තුවක්කුවක් අතට දීලා අවශ්‍ය වුණොත් විතරක් පාවිච්චියට ගනින් කිව්වා. කළුවා ගෙදර පෙනෙන හරියේ හිටියේ නැහැ. 


ගොඩක් වෙලාවකට පස්සේ ඌ කළුවරේම ගෙදර ආවා. ආමි ජිනේ කළුවාට වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් කළුවා මැරුම් කෑවා. අපි පැනලා ආවා. පසු කාලයක මම ටී. 56 අවියකින්, පිස්තෝලයකින් වෙඩි තියන්නත් ඒවා ගලවා සවිකරන්නත් ආමි ජිනේගෙන් ඉගෙන ගත්තා. මේවායෙන් වෙඩි තියන්න ඉගෙන ගත් කාලෙත් මම පොඩි කොල්ලෙක් (ලංකාදීප).

පොලිසියේ අකාර්‍යක්‍ෂමතාව විසින් බිහි කල පාලංකඩ හීනා නොබෝදා  (සිරිත් පරිදි ) අවි පෙන්වීමට ගොස් රත්නපුර මහවල වත්තේදී ‍පොලිස් වෙඩි ප්‍රහාරයකට මරුමුවට පත් විය​. 


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පවසන අන්දමට සැඟවූ අවි පෙන්වීමට ගිය සැකකරු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායාමට සූදානම් වූ අවස්ථාවේදී විශේෂ කාර්‍ය බළකා සෙබළු සිය ආරක්‍ෂාවට එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු මිය යන ලදි.

යම් ලෙසකින් ශ්‍රී ලංකා පොලිසිය පාලංකඩ හීනාගේ සොහොයුරිය දූෂනය කල දාමරිකයා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිර්‍රිම සඳහා කටයුතු කලේ නම් පාලංකඩ හීනාත් ඔහුගෙන් මැරුම් කෑ මිනිසුනුත් අදටත් ජීවතුන් අතරය​.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails