ඓශ්චර්යාට වන්දි නඩුවක් පවරා දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට පොරොන්දු වූ මාමා
බෑනාට යනඑන මං
නැතිකළ මාමෙක්
ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිට එරෙහිව වන්දි නඩුවක් පවරා රුපියල් දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට මාමාට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි කියන බෑනා පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉන්දියා නිළි ඓශ්චර්යා රායි සමඟ විවාහ වීමේ අදහසින් ඇයට ආදරය කළ බව කියන නිරෝෂන් දේවප්‍රිය ඊයේ තායිවානේ සිට පැමිණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටි බවයි.
ඉන්දියා නිළිය ඉන්දියා නළුවකු සමඟ විවාහ වීමෙන් තම බලාපොරොත්තු සුන් වීමෙන් සිදු වු මානසික පීඩාවට වන්දි නඩුවක් පවරා වන්දි ලබා ගත හැකි බව රොෂාන් අජිත් නම් බෑනා ඔහුට කියා
තිබිණි. ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ දහයක්ද නඩුවේ වියදම් වශයෙන් ලබාගෙන ඇත.
නඩුවද නොපැවරූ නිසා එම මුදල් ඉල්ලා සිටි බවත් රුපියල් දස ලක්ෂය මාස් පතා කොටස් වශයෙන් ගෙවීමට එකඟ වු බවත් දේවප්‍රියගේ පැමිණිල්ලේ සඳහන් විය. අද ඔහු පැමිණියේ රුපියල් පනස් දහසේ මුල් ගෙවීම ලබා ගැනීම සඳහාය. එහෙත් බෑනා උසාවි පැමිණ සිටියේ නැත.
අද උසාවි නොපැමිණියෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි. මහේස්ත්‍රාත් ඔහුට වරෙන්තු නිකුත් කළේ ඒ අනුවය.
ඓශ්චර්යාට වන්දි නඩුවක් පවරා දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට පොරොන්දු වූ මාමා
2014-06-20T08:16:00+05:30
Hot And Fast News
පුවත්|