Ads 468x60px

.

මගීන් 162 ක්‌ සමඟ අතුරුදන් වූ ගුවන් යානයේ ඇතුල් පැත්ත.


එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් පුද්ගලයන් 162 ක්‌ රැගත් ගුවන් යානයක්‌ ඊයේ පෙරවරුවේදී ජාවා මුහුදු තීරයට ඉහළ අහසේදී අතුරුදන් වී තිබෙනවා. QZ8501 දරන මෙම යානයේ ගුවන්පාලක මැදිරිය සමඟ තිබූ සබඳතාව ඇනහිට ඇත්තේ සිංගප්පූරු වෙලාවෙන් පෙ.ව.7.24 ටයි.

ඉන්දුනීසියාවේ සුබර්යා ගුවන්තොටුපළෙන් පිටත්ව විනාඩි 42 කට පසු මෙම යානය අතුරුදන් වී
තිබෙනවා.

මෙම ගුවන් යානයේ ගමනාන්තය සිංගප්පූරුවයි. එයාර්බස්‌ 320-200 යානයේ මගීන් 155 ක්‌ සිට ඇති අතර එයින් 138 ක්‌ වැඩිහිටියන් වන

අතර 16 දෙනෙක්‌ ළමුන්ද එක්‌ බිලිඳකුද සිට ඇති බවත් විදෙස්‌ මාධ්‍ය කියයි.

මගීන් 149 ක්‌ ඉන්දුනීසියානුවන් වන අතර කොරියානුවන් තිදෙනෙක්‌ද එක්‌ සිංගප්පූරු ජාතිකයෙක්‌ද බ්‍රිතාන්‍ය හා මැලේසියානු ජාතිකයන් එක්‌ අයකු බැගින්ද මෙහි සිට
තිබෙනවා.

කාලගුණය අයහපත් නිසා මේ ගුවන් යානය අඩි 32500 කට වඩා ඉහළින් පියාසර කරවන ලෙස ගුවන් නියමුවාට පාලක මැදිරියෙන් උපදෙස්‌ ලැබී
තිබෙනවා. මෙම ගුවන් යානය සිංගප්පූරුවේ ගොඩබැසීමට නියමිතව තිබුණේ පෙ.ව.8.30 ටය.

චීන රූපවාහිනි සේවාවක්‌ ප්‍රකාශ කර ඇත්තේ මෙම යානය ඉන්දුනීසියාවේ බිලීට්‍රන්ග් දිවයිනේ නැගෙනහිර කොටසේදී අනතුරට ලක්‌ව ඇති බවයි. සිංගප්පූරු ගුවන් හා නාවික හමුදාව මෙම යානය සොයා මෙහෙයුමක්‌ අරඹා
තිබෙනවා.

පෙර පුවත් 

මගීන් 168ක්‌ රැගත් එයාර් ඒෂියා යානාව අතුරුදන් වේ

* යානාව සිංගප්පූරුවට පෙරවරු 8.30 ට පැමිණීමට නියමිතව තිබුණා
* යානාවේ වැඩිහිටියන් 138 ක්‌ ළමුන් 10 ක්‌ සහ ළදරුවෙක්‌
* මැලේසියාවේ අඩු ලාබදායක ගුවන් සේවය එයාර් ඒෂියා සමාගමයි
* යානාවෙන් අනතුරු ඇඟවීමේ සංඥ ලැබුණේ නැහැ
 

මගීන් 168 ක්‌ රැගත් මැලේසියානු එයාර් ඒෂියා යානාව ජාවා මුහුදු කලාපයේදී අතුරුදන් වී ඇත. නිව් ඉසඩ් 8501 හෙවත් පී. අයි. සී. ඒ එක්‌ස්‌ එල් නමැති මෙම එයාර් බස්‌ 320 යානාව සිංගප්පූරුව වෙත ඊයේ උදේ 8.30 ට පැමිණීමට නියමිතව තිබිණි. ඉන්දුනීසියාවෙන් ගමන් ඇරඹූ මේ එයාර් ඒෂියා යානාවේ වැඩිහිටියන් 138 ක්‌ ද ළමුන් 10 ක්‌ හා එක්‌ ළදරුවකු ද සිටි බව එයාර් ඒෂියා ප්‍රධාන විධායක නිලධාරි ටෝනි පර්ඩිනැන්ඩස්‌ හෙළි කළේය. ඉතා අඩු මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි කරන එයාර් ඒෂියා මැලේසියානු සමාගමකි. පසුගිය මාර්තු මස එම්. එච්. 370 දරන මැලේසියානු යානාව ක්‌වාලාලම්පුරයේ සිට චීනයට යන අතරේ අතුරුදන් විය. එම යානාවට සිදුවූයේ කුමක්‌ දැයි හෙළි වූයේ නැත. එහෙත් මේ සතියේදී ගුවන් යානා සමාගමේ හිටපු ප්‍රධානියකු පැවසුවේ ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියා මුහුදු කලාපය සමීපයේදී ඇමරිකානු නාවික හමුදාව එය මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් රැගත් යානාවක්‌ යෑයි සිතා එයට වෙඩි තබා මුහුදට හෙලූ බවයි. තමා මාලදිවයින දූපත්වලට ගොස්‌ ධීවරයන්ගෙන් මේ යානාව ගැන විමසූ බවත් සුදු පැහැති යානාවක්‌ මුහුදට සමීපයේ පියාසර කරනු ඔවුන් දුටු බවත් කී බව හෙතෙම හෙළි කළේය. මේ ගැන තමා තවදුරටත් විමර්ශනය කරන විට ඇමරිකානු බුද්ධි සේවා නිලධාරියෙක්‌ එකී යානාව ගැන පරීක්‍ෂණ පැවැත්වීම නවත්වන්න යනුවෙන් අනතුරු ඇඟවූ බවද එම හිටපු ගුවන් සේවා ප්‍රධානියා කීවේය.

මෙයට සමානව යුක්‌රේන් හමුදා සේවකයෙක්‌ පැවසුවේ යුක්‌රේන් එස්‌ යූ. 20 ප්‍රහාරක යානාවක්‌ වැරදීමකින් එම්. එච්. 11 මැලේසියානු යානාවට වෙඩි තබා ඇති බවත් තමා අතින් වූ වැරැද්ද තේරුම් ගැනීම නිසා ඔහු බියට පත් වී සිටි බව කියා සිටියේය.

මේ පසුබිම මැද ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුවට පැමිණෙමින් සිටි එයාර් ඒෂියා යානාව ජාවා දූපත් සහ තලිම්මාන් දූපත් අසලදී අතුරුදන් වී ඇත. මෙම ප්‍රදේශයේ අයහපත් දේශගුණික තත්ත්වයක්‌ නිසා නියමුවා පියාසර මාර්ගය වෙනස්‌ කිරීමට අවසර ඉල්ලා තිබේ.

ඒ සමගම එයාර් බස්‌ යානාව සහ සිංගප්පූර් පාලන මැදිරිය අතර සබඳතා නතර වී ඇත. නියමුවන් දෙදෙනකු සහ කාර්යමණ්‌ඩලයේ පස්‌දෙනකු රැගත් එයාර් ඒෂියා යානාව සෙවීමේ කටයුතු සඳහා ඉන්දුනීසියානු බලධාරීහු නිරීක්‍ෂණ යානා යොදවා ඇත.

එහෙත් මැලේසියානු ගුවන් සමාගම්වලට අපල කාලයක්‌ උදාවී තිබේ. මෙයට පෙර එයාර් ඒෂියා යානා අතුරුදන් වී නැත.

සිංගප්පූරුව වෙත ගි්‍රනිච් වේලාවෙන් 23.24 ට පැමිණීමට නියමිත වූ මෙම එයාර් ඒෂියා යානාවේ සිටි මගීන්ගෙන් වැඩිදෙනා ඉන්දුනීසියානුවන්ය. උතුරු කොරියානු හා ප්‍රංශ මගීන් කීපදෙනකු ද එහි සිටි බව වාර්තා වේ.

මෙම එයාර් ඒෂියා (Air Asia‌) යානාව ප්‍රංශ එයාර් බස්‌ 320 යානාවක්‌ නිසා එකී අධි තාක්‍ෂණ උපාංග මගින් පාලන මැදිරිය වෙත හදිසි පණිවුඩ දැන්වීමේ හැකියාවක්‌ තිබිණි. එහෙත් අතුරුදන් යානාව කඩාවැටුණේ නම් එහි ඇති බී කොන් උපකරණය මගින් යානාව ඇති ස්‌ථානය දැනගත හැකි වේ.

ඉන්දුනීසියානු බලධාරීන් දක්‌වන්නේ ජාවා දූපත ප්‍රදේශයේ අධික මීදුමක්‌ පැවති බවයි. එයාර් ඒෂියා යානාවෙන් අනතුරු අඟවන සංඥවක්‌ ලැබුණේ නැහැ. එය අඩි 32000 සිට අඩි 38000 දක්‌වා ඉහළ නැංවීමට අවසර ඉල්ලුවා යෑයි ඉන්දුනීසියානු ගුවන් ගමන් පාලන මැදිරිය කීවේය.

යානාව අතුරුදන්වීම ගැන ධවල මන්දිර බලධාරීන් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා අවදිකර දැනුම් දී ඇත.

ඒ සමගම අධි තාක්‍ෂණික උපකරණවලින් යුත් සී - 130 හර්කියුලිස්‌ යානාවක්‌ ජාවා අහස්‌ කලාපයට යවා තිබේ.

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපළින් පිටත් වී විනාඩි 42 කට පසු මෙම එයාර් ඒෂියා යානාව අතුරුදන් වී ඇත. මෙලෙස අතුරුදන් එයාර් ඒෂියා ගුවන් සමාගමේ යානාව කීපවිටක්‌ම සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් කළ යානාවක්‌ යෑයි හෙළි වී තිබේ.

ගුවන් සමාගම් බලධාරීන් පවසන්නේ අධික ශීතල දේශගුණයට ලක්‌ වී යානාව කඩාවැටීමේ ඉඩකඩ ඇති බවයි.

එහෙත් මේ දක්‌වා යානාවට සිදුවූයේ කුමක්‌ දැයි හෙළිවී නැත. දැඩි මීදුම නිසා ජාවා මුහුදු කලාපය නිරීක්‍ෂණය කිරීම ද දුෂ්කර වී ඇත. මේ අතර තාලිම්මාන් දූපත වෙත යානාව කඩාවැටී ඇති බවට තවත් ආරංචියකින් වාර්තා වී තිබේ.
 
Related Posts with Thumbnails