Ads 468x60px

.

විමල් වීරවංස මහතාගේ ‍ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම 61.8%කින් බැහැලා


විමල් වීරවංස මහතාගේ ‍ෆේස් බුක් ගිනුමට කැමැත්ත පළ කිරීම (Like) ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් පවතින අතර මේ සතිය තුළ පමණක් එයට කැමැත්ත පළ කිරීම (Like)61.8%කින් අඩු වී තිබේ.

සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා "බටහිර විරෝධීභාවය" නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංස මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ වැඩිම කැමැත්ත පළ කිරීම් (likes) ප්‍රමාණයක්

යොදා තිබුනේ තුර්කියේ ෆේස් බුක් ගිනුම් හිමිකරුවන් විසිනි.

ඔහු එසේ තම ගිණුමෙහි likes වැඩිකරවාගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු අපේක්ෂා කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන් සිය ගිණුමට likes නොදැමීම නිසා විය යුතුය.

කෙසේ නමුත් වීරවංශ මහතාගේ ඔහුගේ ෆේස් බුක් පිටුවේ likes අඩුවීම තුළින් පෙන්නුම් කරන්නේ තුර්කියේ ජනතාවද ඔහුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 
Related Posts with Thumbnails