Ads 468x60px

.

ගයාත්‍රී අයෙත් ලව් කරන්න පටන් අරන්ලු...


ඉතින් මොනවාද අලුත් තොරතුරු?
 
මේ දවස්වල මම රඟපෑ “හිරු දරුවො” “‍පොඩි මාමා” නාට්‍ය දෙක විකාශය වෙනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය 4කම රූගත කිරීම් සිදුවනවා.


ගයාත්‍රි පහුගිය කාලෙදි තරුණ නළු නිළියන්ගේ අම්මාගේ චරිතය තුළිනුයි අප හමුවට ආවේ?

 
මේකයි ඒකට හේතුව කාලයක් අපේ රටේ ඉන්දියානු නාට්‍ය රැල්ලක්ම තදින්ම පැවතුණා. ඒ නාට්‍යවල අම්මලා තාත්තලා වුණෙත් තරුණ ලස්සන අය. ඒ අය ගෙවල්වල ඉන්නෙත් ලස්සනට ඇඳ පැළඳ ගෙන

ආභරණ පළඳාගෙන. 

අපේ නාට්‍යවලටත් ඔය තත්ත්වය එකතු වූ කාලයක් තිබුණා. ඒ කාලයේදී මාවත් අම්මලාට යොදාගත්තා. මමත් ඒවාට දායක වුණා. ඒත් දැන් මම ඒ වගේ චරිතවලින් දුරස්වෙලා ඉන්නේ.

මින් මතු අම්මලාගේ චරිත, වැඩිහිටි චරිත රඟපාන්නෙ නැද්ද?

 
රඟපාන චරිතය මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. නිළියක් විදියට ඕනෑම වයසක චරිතයකට එක්විය යුතුයි. නමුත් මීට පස්සේ මේ ඉන්න විදියට ඉඳගෙන වැඩිහිටි අම්මලා වෙන්නේ නැහැ. 


වැඩිහිටි චරිතයක් නම් වැඩිහිටි විදියට රඟපාන්නේ ඉදිරියේදී. මමයි බුද්ධික ජයරත්නයි ටෙලි නාට්‍යයක අමිෂා කාවින්දිගේ අම්මයි තාත්තයි විදියට රඟපානවා. එතැනදි කොණ්ඩේ සුදු කරලා මහලු පෙනුම අරගෙන රඟපාන්න අපි දෙන්නා තීරණය කළා.

ආයෙම පෙම්වතිය වෙන්න ආශා නැද්ද?

 
(හිනැහී) අද කෙරෙන නිර්මාණවල පෙම්වතුන් වෙන්නේ නව යොවුන් වයසේ අය. මම හිතන්නේ නැහැ. මට ඒ වගේ පෙම්වතියක් විය හැකියි කියල.


ඒ වුණත් ගයාත්‍රි තවමත් ලස්සනයි කියලා බොහෝ අය කියනවා.

 
(හිනැහී) ලස්සන කියන්නේ වෙනත් දෙයක්. ඒත් වයස 16 - 20 අතර නව යෞවන අය තුළ තියෙන හිරිමල් තාරුණ්‍යය එය නොවෙයි. ඒක වෙනමම දෙයක්. අපි රඟපෑම තුළින් බලෙන් ඒ දේ ගන්න හැදුවොත් ඒක විහිළුවක් වන්නට පුළුවන්.


පෙම්වතිය විය යුත්තේ වයස 16 - 20 අතර අය පමණක් කියලාද ගයාත්‍රි හිතන්නේ.

 
මගෙ වයසට ගැළපෙන පෙම්වතියන්ගේ චරිත තියෙන්න පුළුවන්. මම මේ දවස්වල රඟපාන අලුත් නාට්‍යයක මමත් එවැනි චරිතයන් රඟපානවා.


අවුරුදු කීයකට පස්සෙද පෙම්වතිය වුණේ?

 
මම අන්තිමට පෙම්වතිය වුණේ “නයනමිණ” ටෙලි නාට්‍යයේ මං හිතන්නේ අවුරුදු 15කට විතර පස්සේ තමයි පෙම්වතිය වුණේ. හැබැයි ඉතින් මේක අපි නිතර දකින සුන්දර ප්‍රේම කතාවක් නමෛයි. මේ කතාවේ චරිත කිහිපයක් තියෙනවා. 


මම රඟපාන්නේ මගෙ වයසට හා පෙනුමට ගැළපෙන චරිතයන්. ඒ චරිතයට ඉදිරියෙදී පෙම් කරන්න සිදුවනවා. ඒ හින්දයි ඒ චරිතය භාර ගත්තේ. එහෙම නැතුව ප්‍රේම කතාවක් මුල් කරගෙන වූ නිර්මාණයේ ප්‍රේමවන්තිය වන්න සිදු වුණාට නම් මම ඒ චරිතය භාරගන්න එකක් නැහැ.

ගයාත්‍රි දකින විදියට නව පරපුරේ නළු නිළියන් අතර පෙරමුණේ සිටින්නේ කවුද?

 
නව පරපුරේ අය අතර දක්ෂ අය ගොඩක් ඉන්න බව මුලින්ම කිව යුතුයි. ඒ අතර අඛිල ධනුද්ධර හා නෙහාරා පීරිස්ට මගෙ විශේෂ අවධානය යොමුවනවා.


ඇයි ඒ?

 
අඛිල තුළ ඉදිරියට යන නවක නළුවකුගේ ලක්ෂණ මා දකිනවා. නෙහාරා කියන්නේ මෑත බිහි වූ නිළියන් අතර තරු ගුණය ඉහළින්ම ඇති නිළිය. ඇගේ සුහදශීලී බව හා ක්‍ෂේත්‍රයේ අය සමග ගනුදෙනු කරන විදිය මම අගය කරනවා.


ගයාත්‍රිගේ සාමාන්‍ය තොරතුරු ටිකකුත් කියන්නකෝ?

 
දුවලා දෙන්නගෙ අධ්‍යාපන කටයුතු ගැන බලන්න ඕන. ලොකු දුව මේ පාර සාමාන්‍ය පෙළ කරන හින්දා වැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ. ඒ අතර මගෙ රූපලාවන්‍යාගාරයේ කටයුතුත් කෙරෙනවා. ලබන වසර මුලදි මගේ රූපලාවන්‍යාගාරය තව ටිකක් පුළුල් විදියට නුගේගොඩ නගර මධ්‍යයේ අරඹන්නයි මේ දවස්වල සූදානම් වන්නේ.
 
Related Posts with Thumbnails