Ads 468x60px

.

අතුරුදන් වූ රත්නපුරේ බට්ටී උදුල්ගේ ඔෆිස් එකේදී පොලිසියෙන් උස්සන්න හදලා.


රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" නමැති කාන්තාව අතුරුදන් වී ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පහර දීමේ සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණ පවත්වන සීතාවක පුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ කාන්තිලතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඇයගේ වාසස්ථානය හා සිටිය හැකියි සැක කරන ස්ථාන වෙත
යැවුවත් ඇය පිලිබඳ හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

කාන්තිලතා සොයා ඇයගේ මවගේ නිවසටද පොලිස් කණ්ඩායම් ගොස් ඇති අතර එහිදී ඇගේ මව පවසා ඇත්තේ තම දියණිය වසර අටකින් පමණ නිවසට පැමිණ නැති බවයි.

මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය සංවිධානයේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අද දිනයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් එම පුවත සම්පුර්ණ අසත්‍යක් බවට නිවේදනයකොට තිබුණා. 


එම නිවේදනයට අනුව කාන්තිලතා අද දිනයේ  ඇයගේ මූලික අයිතිවාසිකම් නඩුව විභාග වන අවස්ථාවට පැමිණ ඇති අතර නඩු විභාගයෙන් අනතුරුව ඇය අලූත්කඩේ ඛෙල්මන් වීදියේ උදුල් ප්‍රේමරත්න මහතාගේ කාර්යාලයට පැමිණ සිටියදි හදිසියේම කෙසෙල් වත්ත පොලිසියේ නිලධාරිණියක් හා නිලධාරියකු පැමිණ ඇයව අත්අඩංගුවට ගැනීමට උත්සාහකොට තිබෙනවා.

නමුත් ඔවුන්ගෙන් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටි විට එවැන්නක් ඔවුන් සතුව නොතිබුණු හෙයින් එම උත්සාහය සාර්ථක නොවූ බවද එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා. 


රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහර කෑ "බට්‌ටී" අතුරුදන්
 
Related Posts with Thumbnails