Ads 468x60px

.

මුතුහෙට්‌ටිගම රට ගියාට ආපහු එන කොට අල්ලා ගන්නවා - පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක


අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී විදේශගත වූ සුළු අපනයන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.

නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (26 දා) අලුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ තිබෙනවා.

විදේශගතවන අවස්‌ථාව වන විටදී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක වේදිකාවකට ගිනි තැබීම, වඳුරඹ පොලිස්‌

අත්අඩංගුවේ සිටි තිදෙනකු බලෙන් රැගෙන යැමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ මුතුහෙට්‌ටිගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගයක්‌ පැවතිය ද මුතුහෙට්‌ටිගම මහතාට එරෙහිව රටින් බැහැරවීමේ තහනම් නියෝගයක්‌ නොවීමත්, ඔහු විදේශගත වීමට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගයක්‌ ඇති බව ආගමන විගමන නිලධාරීන් නිල වශයෙන් නොදැන සිටීමත් නිසා මුතුහෙට්‌ටිගම මහතාට විදේශගත වීමට හැකිවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර විශේෂ ප්‍රකාශයක්‌ කරමින් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා පවසා ඇත්තේ තමා තවත් මිතුරන් දෙදෙනකු සමඟ කෙටි නිවාඩුවක්‌ සඳහා සිංගප්පූරුවට පැමිණි අතර දින දෙක තුනකින් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

සිංගප්පූරුව බලා යැමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු දුරකථනයෙන් ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතා ඇමැතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කර තිබෙනවා.
 
Related Posts with Thumbnails