Ads 468x60px

.

කුඹුක්ගැටේදී එල්ලවූ ප්‍රහාරය ගැන සමනලී කතා කරයි


තමන්ට එල්ල වු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කළ බව අලූත් පරපුර කලාකරුවන්ගේ සංවිධානය පවසනවා. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ ඊයේ පැවති
රැස්වීමක් අතරතුර මෙම ප‍්‍රහාරය එල්ල වු බවයි අලූත් පරපුර සංවිධානයේ සාමාජික ජනප‍්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය පැවසුවේ. එහිදී තමන්ට සහ තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුවු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

12.15ට විතර තමයි ප්‍රහාරයට ලක් වුනේ. 50ක් විතර ඉස්සෙල්ලම අවේ. ඊට පස්සේ 100කට විතර වැඩිවුණා. අපි ලග වීඩියෝ දර්ශන ඔක්කොම තියනවා. ඉතින් ඒගොල්ලෝ පරුෂ වචන කියමින් ගල් මුල්වලින් තමයි ප්‍රහාරය එල්ල කරේ අපට. මගේ පපුවට ගලක් වැදුණා. 

උදය ධර්මවර්ධනගේ ඔලුවටත් ගලක් වැදුණා. ලක්ෂ්මන් විජේසේකරට පයින් පවා ගැහුවා ඔවුන්. පොලිසිය හිටියා ඇවිල්ලා. පොලිසියෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුනේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ අපිට යන්න කියලා විතරයි.

මාධ්‍යවේදී මොහාන් රාජ් මඩවල මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

බොහොම නින්දිත සැර පරුෂ වචන කියමින් බොහොම වියරුවට පත්වෙලා මෙම ගල් මුල් ප්‍රහාරය එල්ල කරේ. ඇත්තටම මම බොහොම අවංකව කියන්න ඕනේ මේකට මේ තරුණයන්ගේ කිසි වරදක් නැහැ. මේ තරුණයන් මෙහෙයවන දේශපාලනයේ වැරද්දයි තියෙන්නේ.

මොකද අපි පුන පුනා මේ දැනුවත් කිරීම් කරන්නේ මහජනයාට, පුරවැසියන්ට නිදහසේ කතා කරන්න , නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, නිදහසේ ජිවත් වෙන්න අවස්තාව ලබා දෙන්න කියලයි.

"අලුත් පරපුරට" එල්ලවූ ප්‍රහාරයේ සංස්කරණය නොකළ වීඩියෝව

ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින්  ගිය ‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එජනිස පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික පැමිණ තර්ජනය කළ බවත්, අනතුරුව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.

එම අවස්ථාවේ සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න

 
Related Posts with Thumbnails