Ads 468x60px

.

වරෙන්තු කළ මුතුහෙට්ටිගම කතා කරයි (වීඩියෝ)


නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බද්දේගම මහේස්ත්‍රාත් වරයා විසින් පෙරේදා දිනයේ (24) නියෝග කරනු ලැබුවා. 

දුටු තැන අල්ලන ලෙස වරෙන්තු ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම සමගින් කළ සංවාදයක් පහතින්.

ඔබතුමාට වරෙන්තු නිකුත් කරලා තියෙනවා සහ පොලිස් අත්අඩංගුවට ගන්න කියල නිවේදනය කරලා තියෙනවා?

එහෙම ආරංචියක් තියෙනවා.. මම දැනුවත් වෙලා නැහැ.. මගේ නීතිඥ මහත්වරුන් කිව්වේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා.. වරෙන්තුව

කට බාර වෙන්න නම් යන්න එපැයි අනිවාර්යයෙන් රටේ නීතියට අනුව.

පොලීසිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔබතුමා වහාම අත්අඩංගුවට ගන්න කියලා

කවුද?.. එයා කියන ඒවාට මම උත්තර දෙන්න ලෑස්ති නැහැ

ඔබතුමා කියන්නේ ඔබතුමා වැරද්දක් කළේ නැහැ කියලද?

නැහැ කරලා නැහැනේ..

මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අපි හිතනවා නීතිය සාධාරණත්වය ඉෂ්ඨ වෙයි කියලා..

පොලීසියට බාර වෙන්න බලාපොරොත්තු වෙනවද?

ඇයි පොලීසියට යන්නේ මං? මං වැරද්දක් කරලා එපැයි යන්න ඕනේ 


එම සංවාදයේ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails